දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"යහපාලනයෙන් රටට වූ හානියට අගමැති ප්‍රමුඛ මැතිඇමතිවරු වගකිව යුතුයි" - රෝහන ලක්ෂ්මන්
Homeප්‍රවෘත්ති

"යහපාලනයෙන් රටට වූ හානියට අගමැති ප්‍රමුඛ මැතිඇමතිවරු වගකිව යුතුයි" - රෝහන ලක්ෂ්මන්

PropellerAds

යහපාලන ජාතික රජය යටතේ  පසුගිය වසර 04ක කාලය තුළ සිදුවූ දූෂණ, වංචා හේතුවෙන්  ආර්ථික, සමාජීය සහ ප්‍රජාතාන්ත්‍රවාදී යන සෑම අංශයකින්ම රට කඩා වැ...

සිළුමිණ කර්තෘ චාමර ලක්ෂාන් අභාවප්‍රාප්ත වෙයි
ඇමැති දුමින්දගේ තටු කැපෙයි - ආපදා වැඩත් ඇමැති වජිර අතට ගනී
ප්‍රවීණ රංගන ශිල්පී රෝයි ද සිල්වා දිවියෙන් සමුගනී

යහපාලන ජාතික රජය යටතේ  පසුගිය වසර 04ක කාලය තුළ සිදුවූ දූෂණ, වංචා හේතුවෙන්  ආර්ථික, සමාජීය සහ ප්‍රජාතාන්ත්‍රවාදී යන සෑම අංශයකින්ම රට කඩා වැටී ඇති බවත් මෙම තත්වයට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ මැතිඇමතිවරුන් වගකිව යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස මහතා කොළඹදී පැවැසීය.
 
රට යළි  ගොඩ නැගීම සඳහා රනිල් වික්‍රමසිංහ පාලනයට එරෙහි පුළුල් විද්වත් කථාකාවක් ගොඩ නැගිය යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
 
කොළඹ සෙමා ගොඩනැගිල්ලේදී  මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස මහතා මෙසේද කීය.
 
“මේ දිනවල රටේ ඉතාම දරුණු  ආර්ථික අර්බුදයක් තියෙනවා. මාසික වැටුප් සඳහා  මහා භාණ්ඩාගාරයෙන්  මුදල් ලබා ගැනීම පවා  ප්‍රශ්නයක් වන තරමට රටේ  ආර්ථික අර්බුදය උග්‍ර වෙලා. රුපියල අවප්‍රමාණය  වෙනවා, ආර්ථිකය කඩා වැටෙනවා. අනික් පැත්තෙන්  වංචා, දූෂණ සම්බන්ධයෙන් විශාල චෝදනා එල්ල වෙමින් තිබෙනවා. මේ සියල්ලම  ගෙවී ගිය වසර 04 තුළ  සිදුවූ දේවල්. රනිල් වික්‍රමසිංහ  මහතාගේ පාලනය යටතේ යහපාලන ආණ්ඩුවක් ගොඩනැගුණා. මහ බැංකු මංකොල්ලය නිසා ඒ තිබුණු ප්‍රර්ථනා සියල්ලක්ම පහුගිය දින 100 ආණ්ඩුව ඇතුළත බිඳ වැටුණා. මේ අර්බුද නිර්මාණය වෙන්න පටන් ගන්නේ මෙතනිනි. ඒක දේශපාලන අර්බුදයක් ලෙස  වර්ධනය වෙලා පසුගිය ඔක්තෝම්බර් මාසයේදි ජනාධිපතිවරයා  අග්‍රාමාතය ධුරයට මහින්ද  රාජපක්ෂ මහතා පත්කරමින් රටේ පරිපාලන බලය මාරු කරනු ලැබුවා. එයින් සිදුවූ ව්‍යවස්ථා අර්බුදය අපි දැක්කා. "
 
"ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලීසිය පවරා ගැනීමෙන් පසුව  සෑම දිනකම මත්ද්‍රව්‍ය, හෙරොයින් වැටලීම් කරන්න පටන්ගෙන තියෙනවා. රටට පිටි, ධාන්‍ය ගේනවා වගේ මහා පරිමාන හෙරොයින් තොග පොලිස් භාරයට ගනිමින් තිබෙනවා. ව්‍යවස්ථාව පිළිබඳව, 19 වන සංශෝධනය පිලිබඳ කථිකාවක් දැන් රටේ මතුව තිබෙනවා. ජනාධිපතිවරයාත් මේ සම්බන්ධයෙන් පැහැදිලිවම ඔහුගේ ස්ථාවරය ප්‍රකාශ කලා. රටේ ඉතාම බරපතල විශමතාවයක්  ඇති වෙලා තියෙනවා. මේ විෂමතාවය  අපරාධවලට, සංස්කෘතියට, සමාජ අපචාරවලට බලපෑම් එල්ල වෙමින්  තිබෙනවා. මේ පිළිබඳ වගේ වගක් නැතුව ආණ්ඩුවේ  ඇමතිවරු කටයුතු කරනවා. මේ පිළිබඳ  විචාරශීලී මතවාදයක් අවශයයි. ඒ මතවාදය ගොඩනැගීමට රටේ සියලුම විද්වතුන්,  බුද්ධිමතුන් කැපවිය යුතුයි” යැයිද ඔහු පැවැසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "යහපාලනයෙන් රටට වූ හානියට අගමැති ප්‍රමුඛ මැතිඇමතිවරු වගකිව යුතුයි" - රෝහන ලක්ෂ්මන්
"යහපාලනයෙන් රටට වූ හානියට අගමැති ප්‍රමුඛ මැතිඇමතිවරු වගකිව යුතුයි" - රෝහන ලක්ෂ්මන්
http://am.lk/media/k2/items/cache/13b926b61bedb778edbeb59e438402a1_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy