සිළුමිණ හා රැස පුවත්පත්හි කර්තෘ ලෙස කටයුතු කළ චාමර ලක්ෂාන් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතික...
සිළුමිණ හා රැස පුවත්පත්හි කර්තෘ ලෙස කටයුතු කළ චාමර ලක්ෂාන් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ඔහු ඊයේ (30) අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඔහු 39 වැනි වියේ පසුවූයේය.
පසුගිය පොසොන් පෝදා ලේක්හවුස් ආයතනය විසින් මෙහෙයවන මිහින්තලය ආලෝක පූජාව සඳහා සහභාගී වීමට ගොස් සිටිය දී චාමර ලක්ෂාන් මහතා හදිසි හෘදයාබාධයකට ලක්විය.
කෙසේ වෙතත් ඔහුට හෘදයාබාධයක් වැළඳී ඇති බව අනෙක් අය දැනගෙන ඇත්තේ ද මඳක් පමා වී බව වාර්තා වේ.
අනතුරුව ගුවන් මගින් කොළඹ ගෙනැවිත් ඇති චාමර ලක්ෂාන් මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.
චාමර ලක්ෂාන් මහතා ලක්බිම, රිවිර සහ ඉරුදින යන පුවත්පත්වල ද කලක් සේවය කළේය.
COMMENTS