පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එජාපයේ ප්‍රබලයෙකු වන ඇමැති වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් නිසා ඇමැති දුමින්ද ...
පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එජාපයේ ප්‍රබලයෙකු වන ඇමැති වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් නිසා ඇමැති දුමින්ද දිසානායක මහතාට කෙන්ති ගොස් තිබිණි.
ඒ ස්වදේශ කටයුතු අමාත්‍යංශය සතු මිලියන 5000ක මුදලක් ආපදාවට ලක්වූවන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදා හැරීමට අනුමැතිය ඉල්ලා වජිර අබේවර්ධන ඇමැතිවරයා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවකට විරෝධය පළ කරමිනි.
එම කැබිනට් පත්‍රිකාව දැකීමෙන් පසු ආපදා කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතා එම අවස්ථාවේදීම ප්‍රකාශ කර ඇත්තේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන් කළ යුතු වැඩ වෙනත් අමාත්‍යංශයකින් කරන්නේ නම් ආපදා කළමනාකරණ අමාත්‍යංශයක් මොකටද? යන්නයි.
ආපදාවට ලක්වූවන්ට ආධාර ලබාදීම වෙනත් අමාත්‍යංශයකින් කරන්නේ නම් තමා තව දුරටත් මේ ඇමැතිධුරයේ රැඳී සිටීමේ තේරුමක් නැතයිද ඇමැති දුමින්ද දිසානායක මහතා එහිදී සඳහන් කර තිබේ.
ආපදා කළමනාකරණ ඇමැති ලෙස තමා සිටින්නේ ආපදාවකදී බැණුම් ඇසීමටත් ගංවතුර ආධාර බෙදීමටත් පමණක්දැයිද කැබිනට් රැස්වීමේදී ඇමැති දිසානායක මහතා දැඩිව ප්‍රකාශ කර තිබේ.
COMMENTS