දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ආරක්ෂිතද ?
Homeප්‍රවෘත්ති

පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ආරක්ෂිතද ?

PropellerAds

සංහිදියාව වචනයට මුවාවී පුල්මුඩේ  ඛනිජ වැලි නිධිය සොරාගන්නා බවත් එය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන්ට පහරදී පළවා හරිමින් රාජකාරි ...

නාමල් කුමාරගෙන් බරපතල චෝදනාවක්
සුනාමි ඛේදවාචකයට අදට වසර 14යි
සරත් කෝන්ගහගේ හා මෛත්‍රී ගුණරත්න ඇතුළු 25 ක් ජනාධිපති නීතීඥ තනතුරුවලට
පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ආරක්ෂිතද ?

සංහිදියාව වචනයට මුවාවී පුල්මුඩේ  ඛනිජ වැලි නිධිය සොරාගන්නා බවත් එය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන්ට පහරදී පළවා හරිමින් රාජකාරි කටයුතු වලට බාධා කරන බව සේවකයෝ කියති .

ලංකා ඛනිජ වැලි සංස්ථාව අයත් පුල්මුඩේ පිහිටි  විශාල ඛනිජ වැලි නිධිය ආරක්ෂා කරගැනීමට  නොහැකිව බරපතල ප්‍රශ්නයක් පවතින බව ලංකා ඛනිජ වැලි  සංස්ථාවේ සභාපතිනි  ඉන්දිකා රණතුංග  මහත්මිය පැවසුවාය.

ප්‍රදේශවාසීන් හා ‍ප්‍රාරාදේශීය දේශපාලන අධිකාරිය එක්ව රාජ්‍යය දෙපළක් වන මෙරටට විශාල විදේශ විනිමය ලබාදෙන ඛනිජ වැලි නිධිය ආරක්ෂා කොට වැට ගැසීමට ඉඩ නොදෙන බවත් මෙම වැලි රහසිගතව ඔවුන් රැගෙන යන බවද සභාපතිවරිය සඳහන් කළාය.

පොලිස් විශේෂ කාර්ය බලකාය පොලීසිය සහය ඇතිව පසුගියදා මෙම වටිනා වැලි  නිදිය වෙන්කර  වැට ගැසීම සඳහා ගිය අවස්ථාවේදී ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකු එක්ව ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සේවකයන්ට  වැට ගැසීමට ඉඩ ලබා නොදුන් බව එම ස්ථානයේ ඔවුන් පැමිණ කලබලකාරී ලෙස හැසිරුණු බවත් ප්‍රදේශීය ලේකම්,පොලිසිය  විසින් සාමය කඩවන බව පවසා  නවතා දැමු බව   සභාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සේවකයන් කියා සිටින්නේ අති විශාල මුදල් ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයට ලබාදෙන මෙම ඛනිජ වැලි සම්පත දේශපාලන අධිකාරියේ බූදලයක් බවට පත් නොකොට රටේ පොදු සම්පතක් හැටියට ආරක්ෂා කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවය. කෙසේවෙතත් රාජ්‍ය නිලධාරීන් හට ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය ඉතා අමානුෂික ලෙස පහර දීම් වලට පළිගැනීම්වලටලක්කරන බවත් කියති. පසුගියදා මෙම ස්ථානයට වැට ගැසීම සඳහා ගිය ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සේවකයන්ට මෙම ප්‍රදේශවාසීහු හා දේශපාලන අධිකාරිය පොලු මුගුරුවලින් පහර දෙන්නටද වූ බව සේවකයෝ කියති.

මෙම ප්‍රදේශයේ බහුතර ජනතාව මෙම සම්පත ආරක්ෂා කරගැනීමට ඉදිරිපත් වුවද දේශපාලන අධිකාරිය ආගම්වාදය ජාතිවාදය ඉදිරියට දමා ඉතා සූක්ෂම ලෙස මෙම ඛනිජ සම්පත් හොර රහසේ අලෙවි කිරීම සිදුකරන බවකියති .රාජ්‍ය නිලධාරීන් මෙම ජාවාරම් කරුවන්ට විරුද්ධව ක්‍රියාත්මක වීම අවස්ථාවන්හිදී සංහිඳියාවට බාධාවක් ඇති වන බව පවසමින් දේශපාලන අධිකාරිය මෙයාකාරයෙන් හැසිරීම නිසා විශාල මුදලක් රජයට අහිමි වෙන බව ලංකා ඛනිජ වැලි සංස්ථාව සේවකයෝ කියති.

ඉතාම වටිනා ඛනිජ වැලි නිධිය ආරක්ෂා කරගැනීම සඳහා ඇමතිවරුන් දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ වගකිවයුතු කිසිදු අංශයක් අවධානය යොමු නොකොට එක්තරා  දේශපාලන අධිකාරිය හ එක්තරා ඇමතිවරුන් දෙදෙනෙකුට අවශ්‍ය පරිදි මෙම වැලි නිදිය පවත්වාගෙන යෑමට ඉඩ හසර ලබා දීම  රාජ්‍ය සේවකයන්ටම සිදුකරන විශාල අපකීර්තියක් බව ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සේවකයෝ පවසති.

ඉදිරියේදී  මෙයාකාරයෙන් රාජ්‍ය නිලධාරීන්ට අඩන්තේට්ටම් කිරීම පහරදීම රාජකාරියට බාධා කිරීම ආදී කටයුතු සිදුකළහොත් අනෙකුත් වෘත්තීය සමිති සහ රාජ්‍ය ආයතන දැනුවත් කොට  ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව එහි සේවකයෝ වැඩිදුරටත් කීහ.

පුල්මුඩේ පොලිසිය ඉතාමත් පක්ෂග්‍රාහීව කටයුතු කළ බවත් ලංකා ඛනිජ වැලි සංස්ථාව සභාපතිනි ඉන්දිකා රණතුංග  මහත්මිය චෝදනා කළාය .

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29359,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ආරක්ෂිතද ?
පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ආරක්ෂිතද ?
http://am.lk/media/k2/items/cache/1c61a44f884cb5b2943db5b7659a19ef_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_119.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_119.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy