මෝටර් රථ වාහනකරුවන්ට බාධාවන අයුරින් නගර සිමාව තුළ සවිකර ඇති ඩිජිටල් දැන්වීම් පුවරු ඉවත් කරන ලෙස කොළඹ මහ නගර සභාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ...
මෝටර් රථ වාහනකරුවන්ට බාධාවන අයුරින් නගර සිමාව තුළ සවිකර ඇති ඩිජිටල් දැන්වීම් පුවරු ඉවත් කරන ලෙස කොළඹ මහ නගර සභාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා උපදෙස් දී ඇත.
එවැනි පුවරු නිසා මාර්ග අනතරු බහුල ලෙස සිදුවිමට ඉඩ ඇති බැවින් ආණ්ඩුකාරවරයා මේ තීරණය ගෙන ඇත.
පාසල් තාප්ප වල සෑම ආකාරයේම දැන්වීම් අලවා ඇති බවත් එමගින් සිසුන්ට වැරදි පණිවිඩයක් යා හැකි බැවින් එම දැන්වීම් වහාම ඉවත් කල යුතු බවට ආණ්ඩුකාරවරයා දැනුම් දී ඇත.
ආණ්ඩුකාරවරයා මේ උපදෙස් ලබා දී ඇත්තේ කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් වි. ඒ.කේ. අනුර මහතා සහ ප්‍රධාන නගර සභාවේ ප්‍රචාරණ අංශයේ සාමාජිකයින් පිරිසක් ඉකුත් අගහරුවාදා දින බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා හමු වු අවස්ථාවේය.
ප්‍රචාරකකරුවන්ගේද අනුදැනුම ඇතිව මෙම දැන්වීම් පුවරු ආරක්ෂිත ස්ථානයකට රැගෙන යා යුතු බවට අසාද් සාලි මහතා කරුණු පහදා දී ඇත.
අනවසර දැන්වීම් පුවරු නගරයෙන් ඉවත් කරන ලෙසත් දේශපාලනික දැන්වීම් පුවරු කොළඹ මහා නගර සභාවේ අවසරයක් ඇතිව ප්‍රදර්ශනය කල යුතු බවත් ආණ්ඩුකාරවරයා දැනුම් දී ඇති අතර අදාල කාරණය ඉටුවෙන තුරු පමණක් එම දැන්වීම් ප්‍රචාරය කල යුතු බවටත් උපදෙස් දී ඇත.
හිටපු අගවිනිසුරු ශ්‍රීරාණි බණ්ඩාරණායක මහත්මිය විසින් දැන්වීම් පුවරු සඳහා වු ස්ථාන නියමකරමින් පැනවූ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ද ඇති බව ආණ්ඩුකාරවරයා නගර සභාවේ දූත පිරිසට දැනුම් දී ඇති අතර එම දැන්වීම් පුවරුවක උපරිම ප්‍රමාණය විය යුත්තේ අඩි 20 x 10 බවටද ප්‍රකාශ කර ඇත.
දැනට අවසරලත් දැන්වීම් පුවරු 98 ක් ඇති අතර මේ අනුව අනෙක් පුවරු වහාම ඉවත් කල යුතු වන අතර වීදි පහන් සහ විදුලි කනු වල දැන්වීන් ඇලවීම සම්පූර්ණයෙන්ම තහනම් කල යුතු බවටද අසාද් සාලි මහතා අවධාරණය කර ඇත.
COMMENTS