ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු ප්‍රබල අපරාධ කල්ලි නායක මාකදුරේ මධූෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රීක මට්ටමින් ක්‍රියා...
ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු ප්‍රබල අපරාධ කල්ලි නායක මාකදුරේ මධූෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රීක මට්ටමින් ක්‍රියාමාර්ග ගනු ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය භාර අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පවසයි.
දෙරටේ බලධාරීන් අතර පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමේ දින වකවානු තීරණය කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සහ රජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය මැදිහත්ව ඊට අදාල කටයුතු සිදු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පැවසීය.
මෙරට ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි නායකයෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මධූෂ් ඇතුළු පිරිස ශ්‍රී ලංකා, ඩුබායි ආරක්ෂක අංශ ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඊයේ (05) අළුයම අත්අඩංගුවට ගනු ලැබුවේය. ඩුබායිහි පැවති සාදයක් අතරතුර අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර අපරාධ කල්ලි සාමාජිකයින් ඇතුළු 25 දෙනෙකු වූ බව වාර්තා වන්නේය.
එමෙන්ම අත්අඩංගුවට ගත් පිරිස අතර රාජ්‍ය තාන්ත්‍රීක ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙකු ද වන බව ඩුබායි පොලිසිය උපුටා දක්වමින් එරට “කලීජ් ටයිම්ස්” වෙබ් අඩවිය වාර්තා කර තිබේ. ඔවුන් සතුව තිබී කොකේන්, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල තොගයක්ද සොයාගෙන තිබූ බව එම මධ්‍ය වාර්තාවල සඳහන් වේ.

COMMENTS