දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වැලිකඩ ඝාතනයේ ප්‍රධාන සාක්ෂිකරුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්.
Homeප්‍රවෘත්ති

වැලිකඩ ඝාතනයේ ප්‍රධාන සාක්ෂිකරුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්.

PropellerAds

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍ර‍ධානම සාක්ෂිකරු වන සුදේශ් නන්දිමාල් මහතා ගේ මොරටුව පුරන්අප්පු රජ මාවතේ පිහ...

කලු කොටි දිනය සමරන්න ස්විස්ටර්ලන්තයේ සිටින කොටි හිතවාදී සංවිධානවල උපකාර
"මූල්‍ය අපරාධවලට සම්බන්ධ නැතිනම් විශේෂ අධිකරණ ගැන බිය විය යුතු නෑ" - ඇමැති මනුෂ
මරණ දඩුවම යොදාගෙන ජාති භේද ඇති කරන්න උත්සහ ගන්නා බව උතුරේ විහාරාධිපති හිමිවරුන් කියති

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍ර‍ධානම සාක්ෂිකරු වන සුදේශ් නන්දිමාල් මහතා ගේ මොරටුව පුරන්අප්පු රජ මාවතේ පිහිටි නිවසට ඊයේ (04) රාත්‍රී 11.00 ට පමණ වෙඩි ප්‍ර‍හාරයක් එල්ල වී තිබේ.

ගේට්ටුවේ වෙඩි පහර සලකුණු දැකිය හැකි අතර, සිද්ධිය වන විට නන්දිමාල් මහතා නිවසේ නිදා සිට ඇති බවද පැවසේ.

මේ අතර, වැලිකඩ අපරාධය වසන් කිරීමට පසුගිය රජය මෙන්ම වත්මන් රජය ද සියලු උත්සහ දරන බව නැවත නැවතත් තහවුරු වී ඇතැයි කැෆේ සංවිධානයේ හා මානව හිමිකම් කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

වැලිකඩ ඝාතනයේ ප්‍ර‍ධාන සාක්ෂිකරුට ජීවිත ආරක්ෂාව සලසන ලෙසත්, දැනට සේවයේ නිරත සැකකාර පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන ලෙසත් අදාළ ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

වත්මන් රජය හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ගේ ධූර කාලය තුළ වසර දෙකකට වැඩි කලක් වැලිකඩ ඝාතන වාර්තාව හමස් පෙට්ටියේ දාමා තිබූ බවද එහි දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දක්වා තිබේ.

2012 නොවැම්බර් මස 11 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ දී, නම් ලැයිස්තුවක් රැගෙන ආ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් ඉහළ නිලධාරියෙකුගේ නියෝග මත තෝරාගත් සිරකරුවන් පිරිසක් දණ ගස්වා හිසට වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

මෙම සිද්ධිය ඇසින් දුටු පිරිස් ඒ බව සිය නීතිඥයින්ට හා ඥාතීන්ට දැනුම් දී ඇත.

නන්දිමාල් මහතා එම සිදුවීමේ ප්‍ර‍ධාන සාක්ෂිකරු වේ. සිවිල් සංවිධාන හා ජනමාධ්‍ය මේ පිළිබද තොරුතුරු දිගින් දිගටම අනාවරණය කරනු ලැබීය. නන්දිමාල් මහතා පුවත්පත් සාකච්ඡා, උද්ඝෝෂණ සංවිධානය කරමින් ද, ආරක්ෂක අංශ වෙත සාක්ෂි දෙමින් ද, මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් නම් ගම් සහිතව හෙළිදරව්වක් සිදු කර ඇත.

ඊයේ දිනයේ පොලිස් ‘වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ඒකකය’ නන්දිමාල් ගේ සාක්ෂි සටහන් කර තිබුණි.

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වැඩ තහනමට ලක්වී සිටි නන්දිමාල් ට පසුගිය දා සේවයේ පිහිටවනු ලැබීය. දුම්රිය ප්‍ර‍ධාන ඉංජිනේරු නිලන්ත ප්‍ර‍නාන්දු විසින් ඔහු පළමුව මහනුවර මාරු කරුනු ලැබීය. මහනුවර දී ඔහු ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බවට සැක මතුව තිබු බැවින් නන්දිමාල් මහනුවර සේවයට වාර්තා කළේ නැත. දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ‘අපේ ආරක්ෂක ලේකම් (ගෝඨාභය රාජපක්ෂ) හිරේ යවන්න හදනවා‘ තමුසෙට හිරකරුවන් මැරුණාට මොකද? යැයි තමාට තර්ජනය කළ බව නන්දිමාල් විසින් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට‘ පැමිණිලි කොට තිබුණි.

මෙම පැමිණිල්ලෙන් පසුව නන්දිමාල් කොළඹ දුම්රිය අංගනයක සේවයට යෙදවූ අතර ඔහුට එහි ද ආරක්ෂාවක් නොමැති බව පවසමින් අභියාචනයක් ඉදිරිපත් කොට තිබුණි.

මේ පිළිබද විමර්ශනයකින් පසුව, පසුගිය සතියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් නන්දිමාල් ඔහුගේ පැරණි සේවා ස්ථානය වන ‘මාලිගාවත්ත බලවේග ධාවනාගාරයේ‘ සේවයේ යොදවන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

නන්දිමාල් මහතා විසින් අභියාචනාධිකරණයට වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ‘රිට් පෙත්සම‘ සැප්. 12 දින විභාගය ගැනීමට නියමිතය. ඔහු ඝාතනය කිරීමේ උත්සාහය පිළිබද ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට‘ යොමු කර තිබූ පැමිණිල්ල සැප්. 5 (ඊයේ) පොලිස් ‘වින්දිතයින් හා සාක්ෂිකරුන් ආරක්ෂා කිරීමේ ඒකකයේ දී පැවැත්වුණි. එහි සාක්ෂි දී පැමිණි නන්දලාල් නිවසේ නිදා ගෙන සිටිය දී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

වසර 5 කට ආසන්න කාලයක් රජය වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා නැත. එමෙන්ම, මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දැනට පොලිස් සේවයේ නිරත නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් හෝ පවත්වා නොමැත. වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් සාක්කිරුවන්රුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කෙන්ද්‍ර‍ය හා කැෆේ සංවිධානය දිගින් දිගටම ඉල්ලීම් කර ඇති නමුත් වත්මන් රජය වැලිකඩ ඝාතනයේ ප්‍ර‍ධානීන් රැකීමට කටයුතු කරන බව අවධාරණය කරයි.

වැලිකඩ ඝාතනයේ සාක්ෂිකරුවන්ට ආරක්ෂාව ලබා දෙන ලෙසත්, මෙම ඝාතනය පිළිබද දැනටමත් ඉදිරිපත් වී ඇති සාක්ෂිමත දැනට පොලිස් සේවයේ නිරතව සිටින සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් බලකරන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා රජයට බල කර සිටී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29299,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වැලිකඩ ඝාතනයේ ප්‍රධාන සාක්ෂිකරුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්.
වැලිකඩ ඝාතනයේ ප්‍රධාන සාක්ෂිකරුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්.
http://ift.tt/2wDCJdc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_514.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_514.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy