ඊයේ දින මරණ දඬුවම නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව දැනට රඳවා තබන බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට මාරුකර යැවීමට බන...
ඊයේ දින මරණ දඬුවම නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව දැනට රඳවා තබන බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට මාරුකර යැවීමට බන්ධනාගාර ඉහළ නිලධාරීන් තීරණය කර ඇතැයි පුවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
එයට හේතුව වන්නේ මරණීය දඬුවම නියමව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින අනෙකුත් දරුණු අපරාධකරුවන්ගෙන් සහ පාතාල සාමාජිකයන්ගෙන් දුමින්ද සිල්වා මහතාට අනතුරක් සිදු වේවියි යන්න මත බව යි පැවසෙන්නේ.
එම හේතුව නිසාම, දුමින්ද සිල්වා මහතා සමග මරණීය දණ්ඩනය නියම වුණු අනෙක් සිවුදෙනා අතර සිටින "දෙමටගොඩ චමින්ද" නමැත්තා ද අද උදෑසන බෝගම්බර බන්ධනාගාරය බලා මාරු කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළහ.
දුමින්ද සිල්වා මහතා වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම අද දින සිදු කෙරෙන බවත් එතෙක් ඒ මහතා මරණීය දණ්ඩනය නියම වුණු අනෙකුත් එම සිරකරුවන්ගෙන් වෙන්කොට තබා ඇති බවත් වාර්තා වේ.
සබැඳි පුවත් > > >
COMMENTS