මනුෂ්‍යය ඝාතන චෝදනාවකට වරදකරුවන් වූ පියා, පුතු සහ තවත් ඥාතී පුත්‍රයෙකුට අද (09) නුවරඑළිව මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා විසින් මරණ දණ...
මනුෂ්‍යය ඝාතන චෝදනාවකට වරදකරුවන් වූ පියා, පුතු සහ තවත් ඥාතී පුත්‍රයෙකුට අද (09) නුවරඑළිව මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා විසින් මරණ දණ්ඩනය නියම කළේය.
ඒ, 2003 වසරේ අගෝස්තු මාසයේ 06 වැනිදා තලවාකැලේ ඩයගම පදිංචි සන්දනම් මයිකල් නමැති 39 හැවිරිදි දෙදරු පියා කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි.
මෙසේ මරණ දණ්ඩනය නියමවූයේ පෙරුමාල් මගාලිංගම්, මගාලිංගම් සිගනේෂ්වරම් සහ බාලක්‍රිෂ්ණන් සුගනේෂ්වරම් යන අයටයි.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS