පසුගියදා මෙම හමුව සිදුව ඇත්තේ ජනාධිපතිවරයාගේ නිල මන්දිරයේදී ය. එහිදී සුෂ්මා ස්වරාජ් පවසා ඇත්තේ ලංකාවේ අභ්‍යන්තර දේශපාලන අභියෝගවලට සිරිසේන...
පසුගියදා මෙම හමුව සිදුව ඇත්තේ ජනාධිපතිවරයාගේ නිල මන්දිරයේදී ය. එහිදී සුෂ්මා ස්වරාජ් පවසා ඇත්තේ ලංකාවේ අභ්‍යන්තර දේශපාලන අභියෝගවලට සිරිසේන ආණ්ඩුව මුහුණ දෙන ආකාරය ගැන නවදිල්ලි රජයේ ප්‍රශංසාව හිමිවන බවයි. ද්විපාර්ශවික සබඳතා පිළිබඳ සාකච්ඡාවේදී, දැනට බෙහෙවින් ඇදෙමින් යන තත්වයක පවත්නා යෝජිත ව්‍යාපෘති පිළිබඳ කඩිනමින් අවධානය යොමුකරන ලෙසට ඇය ඉල්ලීමක් කර තිබේ.
2017 අප්‍රේල් මාසයේ දෙරට අතර අවබෝධාත්මක ගිවිසුම් අත්සන් කර තිබුණ ද යෝජිත ඉන්දියානු ව්‍යාපෘති තවමත් පවතින්නේ සාකච්ඡා මට්ටමේ ය.
ලෝක යුධ සමයේ ත්‍රිකුණාමලයේ ඉදිකළ තෙල් ටැංකියක සංවර්ධන කටයුතුවලට හවුල් වීමට අමතරව මත්තල දෙවැනි අන්තර්ජාතික ගුවන්තොටුපොළ ඉදිකිරීම කෙරෙහි ද ඉන්දියාව මෑත කාලයේ සිය උනන්දුව පළ කර තිබිණි. නමුත් ඉන්දියානු ආධාර මත මත්තල ගුවන් තොටුපොළක් ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව මේ දක්වා කැපී පෙනෙන උනන්දුවක් දක්වා නැත.
ඇමතිනී සුෂ්මා ස්වරාජ් දිවයිනෙන් පිටත්ව යාමට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ තිලක් මාරපන මහතා සමගද සාකච්ඡා පවත්වා තිබේ. ඇය ඉන්දියාව බලා පිටත්ව යාමට පෙර විපක්ෂ නායක හා දමිල ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ව ගුවන් තොටුපොළේදී මුණ ගැසුණු බව ද වාර්තා වේ.
-අමාලි ජයවීර
COMMENTS