ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක කේන්ද්‍රීය ලක්ෂණ එළිදැක්වීම උදෙසා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පත් කළ මහජන කොමිසම වෙත විවිධ පාර්ශ්වයන් විසින...
ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක කේන්ද්‍රීය ලක්ෂණ එළිදැක්වීම උදෙසා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පත් කළ මහජන කොමිසම වෙත විවිධ පාර්ශ්වයන් විසින් ලබාදුන් අදහස් සාරාංශ කොට සකස් කරන ලද අතුරු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (04) පස්වරුවේ කොළඹ 07 විද්වත් වෘත්තිකයන්ගේ සංගම් මධ්‍යස්ථානයේ දී සිදු විය.
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
“නෛතික නිදහසින් වසර 71කට පසු ප්‍රතිපත්ති සම්පාදනය තුළින් සැබෑ නිදහසක් කරා” යන තේමාව යටතේ සංවිධානය කෙරුණු ප්‍රදර්ශනය නැරඹීමට ද අනතුරුව ජනාධිපතිවරයා එක් විය.
පා.ම. සුසිල් ප්‍රේමජයන්ත, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල පෙරේරා මහතා ඇතුළු එහි සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS