ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් පවත්වන ලද විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ ජනාධිපති ම...
ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් පවත්වන ලද විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි. ඉස්ලාම් ආගමික නායකයින් මෙන්ම ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර රටේ සාමය, සමගිය මෙන්ම ජාතික සංහිදියාව වෙනුවෙන් ආශිර්වාද පළ කිරීම ද මෙහිදී සිදු කෙරිණි. අල්කුරානයේ සිංහල භාෂා කෘතියේ පළමු පිටපත ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. අමාත්‍යවරුන් වන ෆයිසර් මුස්තාෆා, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, අබ්දුල් හලීම්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු ද, විදේශීය තානාපතිවරු ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS