පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමට අනුබද්ධ මෙන්ඩිස් සමාගමෙන් රාජ්‍ය අමාත්‍යවරයකුට රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබා දී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු...
පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමට අනුබද්ධ මෙන්ඩිස් සමාගමෙන් රාජ්‍ය අමාත්‍යවරයකුට රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබා දී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය. එම මුදල චෙක්පත් තුනක් මගින් ලබා දී ඇතැයි ද අධිකරණයේදී කියැවිණි. ශී‍්‍ර ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේ දී රජයට පාඩුවක් සිදු කළ බවට ගොනු කර ඇති පැමිණිල්ල අද අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයේ කරැණු දැක්වීය. දැනට රිමාන්ඩ් කර සිටින පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් අලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 21 වැනි දා තෙක් නැවතත් රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
COMMENTS