දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දොරේ අප්පා ක්‍රීඩාංගණයේ නම වෙනස් කිරීමට යාම නිසා දේශපාලන පක්ෂ දෙකක් අතර මත ගැටුමක්
Homeප්‍රවෘත්ති

දොරේ අප්පා ක්‍රීඩාංගණයේ නම වෙනස් කිරීමට යාම නිසා දේශපාලන පක්ෂ දෙකක් අතර මත ගැටුමක්

PropellerAds

යාපනයේ දොරේ අප්පා ක්‍රීඩාංගණයේ නම වෙනස් කිරීමට ටෙලෝ සංවිධානය කරණ ලද ඉල්ලීමත් සමගම දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් හා ටෙලෝ සංවිධානයේ දේශපා...

විජයකලා අත්අඩංගුවට ගනීද? නීතිමය පියවර ගන්න පොලිස්පතිට උපදෙස්
ජල හිඟයක් - කොඹට වතුර ඇනහිටීද?
විදුලි බලාගාරවල නව ගිවිසුම්වලින් කෝටි ගණනක පාඩුවක් - පිටුපස දේශපාලන හස්තයක්
දොරේ අප්පා ක්‍රීඩාංගණයේ නම වෙනස් කිරීමට යාම නිසා දේශපාලන පක්ෂ දෙකක් අතර මත ගැටුමක්

යාපනයේ දොරේ අප්පා ක්‍රීඩාංගණයේ නම වෙනස් කිරීමට ටෙලෝ සංවිධානය කරණ ලද ඉල්ලීමත් සමගම දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් හා ටෙලෝ සංවිධානයේ දේශපාලනඥයින් අතර විශාල මත ගැටුමක් හටගෙන තිබේ.

යාපනය මහ නගර සභාවේ සැසි වාරය පැවති අවස්ථාවේදී නගර සභාව නියෝජනය කරණ ටෙලෝ සංවිධානයේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මේ යෝජනාව  සභාවට ඉදිරිපත් කොට තිබේ.

ටෙලෝ දේශපාලනඥයින් කියා සිටින්නේ වර්තමාන තත්ත්වයට අනුව එම ක්‍රීඩාංගණයට දොරේ අප්පා යන නාමය නොගැලපෙන බවයි.

ටෙලෝ දේශපාලනඥයින් කියා සිටින්නේ යාපනයේ උන්නතියට හා ක්‍රීඩා කටයුතු දියුණු කිරීමට වෙහෙස මහන්සි වූ විශාල පිරිසක් සිටි බැවින්  දොරේ අප්පා යන එක් නමක් භාවිත කිරීම අසාධාරණ බවයි.

මේ නිසා එම ක්‍රීඩාංගණය යාපනය පොදු  ක්‍රීඩාංගණය වශයෙන් නම් කිරීම වඩා උචිත බව ටෙලෝ සංවිධානයේ නාගරික මන්ත්‍රීවරු විසින් යෝජනා කොට තිබේ.

මේ යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ නාගරික මන්ත්‍රීවරු ටෙලෝ සංවිධානයේ නාගරික මන්ත්‍රීවරුන්ට බැන වදින්නට පටන් ගැනීම නිසා සභාව තුළ විශාල ගාලගෝට්ටියක් ඇති වී තිබේ.

කෙසේ වෙතත් මේ යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා දෙමළ ජාතික සන්ධානයේ නායකයින් සමග සාකච්ඡාවක් පැවැත්විය යුතු බවත් ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් යම් තීරණයකට පැමිණිය යුතු බවත් යාපනය නගරාධිපති ආනෝල්ඩ් එමානුවල් මහතා ප්‍රකාශ කොට තිබේ.

නමුත් මේ සම්බන්ධයෙන්  ටෙලෝ සංවිධානය හා දෙමළ ජාතික සන්ධානය අතර  විශාල මත ගැටුමක් ඇති වී තිබේ.

මේ සම්බන්ධයෙන් ටෙලෝ සංවිධානයේ නායක  පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ තම සංවිධානයේ නාගරික මන්ත්‍රීවරු එවැනි යෝජනාවක් ඉදිරිපත්කරණ ලද්දේ දොරේ අප්පා මහතාට කරණ අගෞරවයක් වශයෙන් නොව එම ක්‍රීඩාංගණය පොදු ක්‍රීඩාංගණයක් බවට පත්විය යුතු නිසා බවයි.

(දිනසේන රතුගමගේ)

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දොරේ අප්පා ක්‍රීඩාංගණයේ නම වෙනස් කිරීමට යාම නිසා දේශපාලන පක්ෂ දෙකක් අතර මත ගැටුමක්
දොරේ අප්පා ක්‍රීඩාංගණයේ නම වෙනස් කිරීමට යාම නිසා දේශපාලන පක්ෂ දෙකක් අතර මත ගැටුමක්
http://am.lk/media/k2/items/cache/240750d6a6c5979a2d37f22171f80a8c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_175.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_175.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy