දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රඹුක්කන විරෝධතාව: බවුසරයකට ගිනි තැබීම වළක්වන්න අවම බලය පාවිච්චි කළ බව පොලිස්පති කියයි
Homeප්‍රවෘත්ති

රඹුක්කන විරෝධතාව: බවුසරයකට ගිනි තැබීම වළක්වන්න අවම බලය පාවිච්චි කළ බව පොලිස්පති කියයි

PropellerAds

රඹුක්කන විරෝධතාව අතරතුර පිරිසක් ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට උත්සහ කිරීමේදී පොලිසියට අවම බලය භාවිත කිරීමට සිදු වූ බව පොලිස්පති සී.ඩී. වික්‍ර...

“ගහපන් දැන් ගහපන්.. ගහපන්...” - අන්තරේ සටන් පෙරමුණ ගත් ළහිරු අධිකරණය ඉදිරිපිටම පොලිසියට කළ අභියෝගය මෙන්න - (video)
බදියුදීන් නිවාස අඩස්සියේ තබන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි
පොලිස් ‌නිලධාරීන් රැසකුත් අවුරුදු පහළොවේ දැරිය අපයෝජනය කරලා! වහා පරීක්ෂණ ඇරඹේ!!
රඹුක්කන විරෝධතාව අතරතුර පිරිසක් ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට උත්සහ කිරීමේදී පොලිසියට අවම බලය භාවිත කිරීමට සිදු වූ බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පවසයි. රඹුක්කන විරෝධතාව අතරතුර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

පැය 12කට අධික කාලයක් රැඳී සිටි පුද්ගලයින් කලහකාරී ලෙස හැසිරෙමින් ත්‍රිරෝද රථයටක ගිනි තැබීමට කටයුතු කර ඉන්ධන බවුසරයක් ද ගිනි තැබීමට උත්සාහ කළ බව පොලිස්පතිවරයා එහිදී පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, එම අවස්ථාවේදී ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය විසින් කරන ලද අවවාද නොතකා කටයුතු කිරීම හේතුවෙන් බැටන් ප්‍රහාරයක් මගින් පිරිස විසුරුවා හැරීමට කටයුතු කටයුතු කළ ද තවදුරට ත් ඔවුන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඔවුන් මැඩ පැවැත්වීම සඳහා පියවර ගත් බව ය.

එහිදී පිරිසක් විසිර ගිය ද තවත් පිරිසක් කණ්ඩායම් කිහිපයකට බෙදී දුම්රිය මාර්ගයේ ඇති ගල්වලින් පොලිස් නිලධාරීන් දෙසට ප්‍රහාරයක් එල්ල කළ බව ත් එහිදී බවුසරය ගිනි ගැනීම වැළැක්වීමට ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට ද බරපතළ ප්‍රහාරයක් එල්ල කළ බව ත් පොලිස්පතිවරයා පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, ඔවුන්ව වටකර පහර දීමට උත්සාහ කළ අවස්ථාවේදී එම අවස්ථාවට සුදුසු පරිදි අවම බලය යෙදවීමට කටයුතු කළ බව ය.

එම අවස්ථාවේදී අහසට වෙඩි තැබුව ද පිරිස පාලනය නොවුණු බව ත් එහිදී දණහිසෙන් පහළට වෙඩි තැබීමට නියෝග කරමින් පිරිස විසුරුවා හැරීමට කටයුතු කර ඇති බව ත් පොලිස්පතිවරයා පැවසීය. 

පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ, අදාළ සිද්ධියේදී පොලිස් නිලධාරීන් බලය ඉක්මවා කටයුතු කර ඇත්දැයි සොයා පොලිස් මූලස්ථානය මට්ටමින් ද විමර්ශනයක් සිදු කිරීමට කටයුතු සිදු කරන බව ය.

මේ අතර, පොලිස් නිලධාරීන් බලය ඉක්මවා කටයුතු කළා ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා තමන් විසින් මණ්ඩලයක් පත් කිරීමට පියවර ගනු ලැබ ඇති බව එම මාධ්‍ය හමුවට එක්වූ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජගත් ද අල්විස් මහතා ද පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රඹුක්කන විරෝධතාව: බවුසරයකට ගිනි තැබීම වළක්වන්න අවම බලය පාවිච්චි කළ බව පොලිස්පති කියයි
රඹුක්කන විරෝධතාව: බවුසරයකට ගිනි තැබීම වළක්වන්න අවම බලය පාවිච්චි කළ බව පොලිස්පති කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPMA7XjNuKqjoUOdiowJx1QsAyTm-jgaRNi1lWpuXPa9lR7VGNEfar-NaACRNDpIHgUryJHx2LekIa4qWbdquSxvSdcwnCpdyFAmsKV2dBykFumPQXP8uplBmmGrrf65qp2-6FeAo-PC3qT_G5YOUnpJdSW1grOe8aFzOv_fMGExtHoYprXOeoV1fHjw/s1600/rabukkana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPMA7XjNuKqjoUOdiowJx1QsAyTm-jgaRNi1lWpuXPa9lR7VGNEfar-NaACRNDpIHgUryJHx2LekIa4qWbdquSxvSdcwnCpdyFAmsKV2dBykFumPQXP8uplBmmGrrf65qp2-6FeAo-PC3qT_G5YOUnpJdSW1grOe8aFzOv_fMGExtHoYprXOeoV1fHjw/s72-c/rabukkana.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/04/blog-post_48.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/04/blog-post_48.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy