කාලය අවසන් වී තිබෙන පෞද්ගලික කුඩා ජල විදුලිබලාගාර 15කට අදාලව ලංකා විදුලිබල මණ්ඩලය නව මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීමට පියවර ගනිමින් සිට...
කාලය අවසන් වී තිබෙන පෞද්ගලික කුඩා ජල විදුලිබලාගාර 15කට අදාලව ලංකා විදුලිබල මණ්ඩලය නව මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීමට පියවර ගනිමින් සිටින අතර එම ගිවිසුම් හේතුවෙන් රටට රුපියල් කෝටි ගණනාවක මහා පරිමාණ මූල්‍ය පාඩුවක් සිදුවිය හැකි බවට නලංවිම ඉන්ජිනේරුවෝ පිරිසක් චෝදනා කරති.
විදුලි බලාගාර අලුත්වැඩියා කළ යුතු බවට දැනට පවතින අනිවාර්ය නීතිය පවා නොසලකා හැර වසර 20 ක තරම් දීර්ඝ කාලයක් සඳහා කුඩා ජලවිදුලිබලාගාර සමඟ මෙම ගිවිසුම් අත්සන් කිරීම සැකයට තුඩු දෙන්නක් බව ද පැවසිය.
ශ්‍රී ලංකාවේ කුඩා ජලවිදුලිබලාගාර පවත්වාගෙන යාමට 1996 වසරේ සිට ලංවිම අවසර ලබාදී තිබේ. මුලදී අත්සන් කළ මිලදී ගැනීමේ ගිවිසුම වසර 15කින් නිමවූ පසු යළි දීර්ඝ කිරීමට 2014 වසරේදී කැබිනට් තීන්දුවක් ගෙන ඇත්තේ ඒකකයක රුපියල් 5.22කට මිලදී ගැනීම් එකඟතාවය මත බවද වාර්තා වේ.
රජයේ තීන්දුවට එකඟ වී මුලදී රුපියල් 5.23කට විදුලිය ලංවීමට ලබා දීමට ගිවිසුම් අත්සන් කළ පිරිසට දැඩි අසාධාරනයක් කරමින් තවත් බලාගාර කිහිපයකට වංචා සහගත ලෙස වැඩි මිලක් ගෙවීම හරහා විශාල මුදල් වංචාවක් සිදු වන් බවටද සැක පළ කරති.
මේ පිටුපස දේශපාලන හස්තයක් තිබෙන බවද ඔවුහු කියති.
COMMENTS