දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජල හිඟයක් - කොඹට වතුර ඇනහිටීද?
Homeප්‍රවෘත්ති

ජල හිඟයක් - කොඹට වතුර ඇනහිටීද?

PropellerAds

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. සාමා...

විදුලි ඒකකයක් රුපියල් 50 කින් ඉහළ දැමීමේ සූදානමක්.. ඒකක 90 බිල 5000 පනී
“මොකක්ද ඔයා හැදුවේ..ඔයාට අයිතියක් නෑ මෙතන“ උද්ඝෝෂණයට ගිය පාඨලීව මැනිං වෙළෙඳුන් බැන පන්නා දමයි - (video)
මහර බන්ධනාගාර වීඩියෝ බලපු ඕනෙ මෝඩයෙකුට පෙති කතාව ඇත්ත කියා තේරෙන්න ඕනෑ - විමල්
ජල හිඟයක් - කොඹට වතුර ඇනහිටීද?

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

සාමාන්‍ය ගෘහස්ථ පරිභෝජනයට, අත්‍යාවශ්‍ය කටයුතුවලට අමතරව, වාහන සේදීම, ගෙවතු අලංකරණය, පිහිනුම් තටාක නඩත්තුව ආදී කටයුතුවලට පිරිපහදු කළ නල ජලය භාවිතා කිරීම හැකි තරම් සීමා කරන ලෙස එම මණ්ඩලය ඉල්ලා සිටියි.

මේ වනවිට අවශ්‍ය තරම් බෙදා හැරුණ ද කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිත උස් ස්ථානවලට ජල සැපයුමට බාධා මතුවී ඇත්තේ පරිභෝජනය කරන ජල ප්‍රමාණය ඉහළ යාම හේතුවෙනි. එය අඛන්ඩව පැවතුණහොත් ජල සැපයුමට බාධා එල්ල විය හැකි බව සදහන් වේ.

එසේම, මේ වනවිට රජරට වැව් රැසක ජල මට්ටම ද පහළ ගොස් තිබෙන අතර කලාවැවේ ජල මට්ටම සියයට 29 යි දශම 2 ක් දක්වා අඩුවී ඇති අතර, නුවරවැවේ ජල මට්ටම සටහන් වන්නේ 8 යි දශම 7 ක් ලෙසයි.

තිසාවැවේ ජල මට්ටම ද 10 යි දශම 8 දක්වා පහත බැස තිබේ.

ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල ජලාශ වල ජල මට්ටම ද පහළගොස් ඇති අතර, සමනළ වැව සහ උඩවලව ජලාශ ද දැනට පවතින්නේ පහළ ජල මට්ටමකය.

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සියයට 87 ක් ලෙස සටහන් වුවත්, රන්ටැඹේ සහ බෝවතැන්න ජලාශවල ජල මට්ටම පහත බැස තිබේ.

වියළි කාලගුණයෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ අනුරාධපුර, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලටය.

බොහෝ ප්‍රදේශවල ජනතාව ඇසුරුම් කළ ජල බෝතල් මගින් පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා බව වාර්තා වේ.

එසේම, එම ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතුවලට ද මේ වනවිට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමකි.

වාරිමාරිග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අඛන්ඩව වියළි කාලගුණය පැවතියහොත් වගා ජලය නිකුත් කිරීමේ ගැටලූ මතුවිය හැකි බවයි.

කෙසේ වෙතත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ සැප්තැම්බර් මාසය අවසානයේදී වැසිවාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජල හිඟයක් - කොඹට වතුර ඇනහිටීද?
ජල හිඟයක් - කොඹට වතුර ඇනහිටීද?
http://am.lk/media/k2/items/cache/995f32a2a44583a27b87f962dee7a43e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_740.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_740.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy