එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්ටීටීඊ සංවිධානය ගැන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දණ්ඩ...
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්ටීටීඊ සංවිධානය ගැන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.
පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තියේ ප්‍රතිපාදන අනුව කටයුතු කරන ලෙස නීතිපතිවරයා දැනුම් දුන් බවයි.
ඒ අනුව මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගන්නවාද එසේ නැතිනම් ඇයට එරෙහිව කෙළින්ම නඩු පවරනවාද යන්න ගැන මේ වන තෙක් තීරණයක් ගෙන නැතැයි ද වාර්තා වේ.
දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තියේ මෙසේ දැක්වේ.
‘‘විරුද්ධත්වය ඇවිස්සීම හෝ ඇවිස්සීමට තැත් කිරීම‘‘
‘‘කතා කරනු ලැබූ හෝ කියැවීමට අදහස් කරනු ලැබූ වචනයෙන් හෝ සංඥාවලින් හෝ දැකිය හැකි නිරූපනවලින් පිහිටුවනු ලැබූ ලංකාණ්ඩුවට විරුද්ධත්වය දැක්වීමේ හැඟීම් අවුස්වතොත් හෝ ඇවිස්සීමට තැත් කරතොත් හෝ නීතිය ක්‍රියාවෙහි යෙදවීමේදී වෛරයක් ඇති කරවතොත් හෝ ඇති කරවීමට තැත් කරතොත් නිත්‍යනුකූල මාර්ගවලින් නොව අන් ලෙසකින් නීතියෙන් පිහිටවනු ලැබූ යමක් වෙනස් කර වීමට රජතුමාගේ වැසියන් උනන්දු කරතොත් හෝ රජතුමාගේ වැසියන් අතර අසංතෝෂයක් හෝ විරුද්ධත්වය ඇති කරවීමට හෝ එබඳු වැසියන්ගේ වෙනස් පංති අතර සතුරුවූද, අසමගිවූද හැඟීම් වැඩි දියුණු කිරීමට තැත් කරතොත් ඔහු අවුරුදු දෙක දක්වා කාලයක් ලිහිල් බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් ලැබිය යුතුය.‘‘
COMMENTS