දෛනික මුලික වැටුප රු.1000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් ගෙන ගිය අරගලයේ ප්‍රථිපලයක් ලෙස වැටුප් පිළිබද නව අවබෝධතා ගිවිසුමට අද අත්සන...
දෛනික මුලික වැටුප රු.1000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් ගෙන ගිය අරගලයේ ප්‍රථිපලයක් ලෙස වැටුප් පිළිබද නව අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබිණි.
ඒ , අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදි.
ලංකා කම්කරු කොන්ග්‍රසය නිවේදනය කලේ වතු හාම්පුතුන්ගේ සංගමයේ අධ්‍යක්ෂක ජෙනරාල් කනිෂ්ක විරසිංහ සහ වතු ඒකාබද්ධ වෘත්තිය සමිති වෙනුවෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන්, ලංකා ජාතික වතු කම්කරු සංගමය වෙනුවෙන් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යය වඩිවෙල් සුරේෂ් යන මහත්වරුන් අත්සන් කල බවය.
වැඩි කල රු 200 ට දීමනා හිලව්
මෙම ගිවිසුම මගින් වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රුපියල් 500 සිට 700 දක්වාද අතිරේක දීමනාව රුපියල් 30 සිට 50 දක්වා වැඩිවන බව එම නිවේදනයේ සදහන්ය.
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මහලේකම් ලලිත් ඔබේසේකර මහතා පැවසුවේ නව ගිවිසුමෙන් පැමිණීමේ දීමනාව සහ ඵලදායිතා දීමනාව ඉවත් කල බවය.
ඒ අනුව වතු කම්කරුවන් අද දිවයිනේ ස්ථාන කිහිපයක විරෝධය පල කරමින් පැවසුවේ රු 200කින් වැටුප් වැඩි කල බවට පැවසුවද සැබවින්ම වැඩිවී ඇත්තේ රු 50ක් පමණක් බවය.
වෘත්තිය සමිති හාම්පුතුන්ට යටවෙලා
වතු සමාගම් නියෝජනය කරන හාම්පුතුන්ගේ සංගමය සහ වෘත්තිය සමිති අතර ඇතිකර ගන්නා සාමුහික ගිවිසුමේ අඩංගු කොන්දේසි හා එකඟත්වයන් කිසිවකට සිය කැමැත්ත අකමැත්ත විමසා නොලැබූ බව වතු කම්කරුවන් පවසයි.
මේ අතර වතුකරයේ විශාලතම වෘත්තීය සමිතිය අයත් වන ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමාන් මහතා පසුගිය සෙනසුරාදා(26) පැවති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය: “අපි රුපියල් 1000 ක් ඉල්ලලා රුපියල් 855 ක් අරගෙන තියෙනවා. අපේ ඉල්ලීමෙන් රුපියල් 250 ක් අඩුවෙල තිබුනට 250 ක් වැඩි වෙලා. කේවලයකදි එහෙම තමයි වෙන්නෙ. මේක සියයට 40 ක වැඩිවීමක්. ඉතිහාසයෙ කවදාවත් මෙහෙම වැඩිවීමක් වෙලා නෑ.”
විශ්‍රාම වැටුපත් වැටුප් වැඩිවීමට
කෙසේ වෙතත් වතු කම්කරුවන් පවසන්නේ තොන්ඩමන් මහතාගේ කතාව අසත්‍යක් බවය.
තොන්ඩමන් මහතා කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් අරමුදලට යැවීම සඳහා කැපෙන මුදල වන රුපියල් 105 ද දෛනිකව ලැබෙන වැටුප ලෙස එකතු කර වැටුප් වැඩිවීම පෙන්වන බව කම්කරුවන් කියති
{gallery}tea protest:::0:0{/gallery}
රාජගිරියේ වතු හාම්පුතුන්ගේ සංගම් කාර්යාලය ඉදිරිපිට අද කම්කරුවන් කල උණුසුම් විරෝධතාවකදී සදහන් වුයේ රුපියල විශාල ලෙස අවප්‍රමාණය වීම නිසා ලෝක වෙළද පොලේ තේ විකුණා විශාල ලාබයක් වැවිලි සමාගම් ලබන බවය.
COMMENTS