ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට වත්මන් ව්‍යවස්ථාවේ නමවැනි වගන්තිය ලෙස ඇතුළත් කර තිබෙන බෞද්ධාගමට ප‍්‍රමුඛස්ථානය හිමිව...
ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට වත්මන් ව්‍යවස්ථාවේ නමවැනි වගන්තිය ලෙස ඇතුළත් කර තිබෙන බෞද්ධාගමට ප‍්‍රමුඛස්ථානය හිමිවන බවට සදහන් පර්ච්ජේදයේ කිසිදු වෙනසක් නොකිරිමට අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ ඒකමතිකව තීරණය කර සිටිති.
ඊට අමතරව ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් යන හැදින්වීම සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂා තුනෙන්ම නිකුත් කෙරෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් සඳහා පැහැදිලිවම ඇතුළත් කිරීමට ද අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ තීරණය කරනු ලැබූහ.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයින් අතර කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසුව මෙම තීරණ ගෙන තිබේ.
යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමග මුලින්ම සාකච්ඡා ඇරඹීමට රජය අදහස් කර සිටී.
COMMENTS