දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩෙංගු දඩය 25,000යි - අවසර නැතිව නිවාස පරීක්ෂාවට නියෝග
Homeප්‍රවෘත්ති

ඩෙංගු දඩය 25,000යි - අවසර නැතිව නිවාස පරීක්ෂාවට නියෝග

PropellerAds

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, මඩකළපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ඩෙංගු වසංගත තත්ත්වයක් වාර්තා වන බව සෞඛ්‍...

කටුනායක මගී පර්යන්ත සංවර්ධනය කෙරේ
සිංහල හා මුස්ලිම් කෙටවීමේ ව්‍යාපාරයක් ගැන ඇමති මහින්ද හෙළිකරයි
ජවිපෙ ඡන්දය අයවැයට විරුද්ධව
ඩෙංගු දඩය 25,000යි - අවසර නැතිව නිවාස පරීක්ෂාවට නියෝග
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, මඩකළපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ඩෙංගු වසංගත තත්ත්වයක් වාර්තා වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 
 
මෙම වසංගත තත්ත්වය තුරන් කිරිම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි හෙට (12) සිට අඛණ්ඩව ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් දියත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. 
 
ඩෙංගු මර්දනය පිළිබද ප්‍රගති සමාලෝචන රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) රාත්‍රියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි. ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකාය අවශ්‍ය පරිදි යොදා ගනිමින් මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට එහිදී තීරණය කර තිබේ.
 
ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරචිචි මහතාට මෙහිදී දැනුම් දී ඇති අතර ඩෙංගු වසංගත තත්ත්වය අවසන් වන තුරු එම දිස්ත්‍රික්ක 10 තුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 30 ක සෞඛ්‍ය සේවකයින්ගේ නිවාඩු ද අවලංගු කරමින් සෞඛ්‍ය ලේකම්වරයා චක්‍රලේඛයක් අද (11)  නිකුත් කිරීමට පියවර ගෙන ඇත. තව ද ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයට පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට රුපියල් 25,000 ක දඩ මුදලක් නියම කිරීම පිළිබද ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි. ඩෙංගු මදුරු පරීක්ෂා කිරීම සදහා නිවාස තුලට පරීක්ෂණ කණ්ඩායම් ඇතුලුවීෙමි දී නිවෙස් හිමියන්ගේ අවසරය ලබාගත යුතු බවට වූ නීතිය අහෝසි කිරීමට ද මෙහිදී තීරණය කර ඇත. ඒ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා නීතිපතිවරයා සමග දුරකථනය ඔස්සේ සාකච්ඡා කර තිබේ. 
 
පාසල් පද්ධතිය තුල පිරිසිදු කිරීමේ කටයුතු ප්‍රමාණවත් පරිදි සිදු නොවන බැවන් එම පරිශ්‍ර පවිත්‍ර කිරිම විධිමත් කිරීම පිළිබදව විදුහල්පතිවරුන් දැනුවත් කිරිමට ද මෙහිදී තීරණය විය. හදිසි මදුරු මර්දන කටයුතු සදහා රුපියල් මිලියන 40 ක මුදලක් ජාතික ඩෙංගු මර්දන ඒකකයට නිකුත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතාට දැනුම් දී ඇති බව එම අමාත්‍යාංශය පැවසී ය. 
 
2016 වසරේ අද (11) වනවිට ඩෙංගු රෝගීන් 47,900 ක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 77 කි. දෙසැම්බර් හා ජනවාරි මාසය තුල වැසි සහිත කාලගුණය සමග මදුරු ගහනය තවත් වැඩි වුවහොත් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවීමට ඉඩ ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
 
 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩෙංගු දඩය 25,000යි - අවසර නැතිව නිවාස පරීක්ෂාවට නියෝග
ඩෙංගු දඩය 25,000යි - අවසර නැතිව නිවාස පරීක්ෂාවට නියෝග
http://ift.tt/2gNDdEJ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/25000_11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/25000_11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy