මුලතිව් මුත්තයන්කට්‌ටු පළාතේ වයස අවුරුදු නවයක දැරියක් මියගියේ වර්ෂාව සමග ශරීරගත වූ විෂබීජයක් හේතුවෙන් බවට මුලතිව් මාංචෝලේ රෝහලේ වෛද්‍යවරු...
චන්ද්‍රකාන් කෞෂීයා
එම දැරිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර ඇගේ මළ සිරුර පරීක්‍ෂණ කටයුතුවලින් පසුව මවුපියන් වෙත භාරදී තිබේ.
දැරිය සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී සනාථ වී ඇත්තේ විෂබීජයක් ශරීරගත වීමෙන් ඇගේ මරණය සිදුවූ බවටයි.
දැරියට උණ රෝගය වැළඳුණේ අධික වර්ෂාව මැද අනාථ වී ආරක්ෂිත ස්‌ථානයක් කරා යමින් සිටියදී වැස්‌සට තෙමීම නිසා බව දැරියගේ මවුපියන් වෛද්‍යවරුන්ට පැවසීම නිසා ඔවුන් සැක පහළ කොට සිටින්නේ වර්ෂාව හේතුවෙන් එම විෂබීජය දැරියට ශරීරගත වන්නට ඇති බවයි.
-දිනසේන රතුගමගේ-
COMMENTS