දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අර්බුධ රැසක් : පොහොට්ටුවේ නාමයෝජනා හිතවතුන්ට.
Homeගොසිප්

අර්බුධ රැසක් : පොහොට්ටුවේ නාමයෝජනා හිතවතුන්ට.

PropellerAds

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබා දීමේ දී එහි ප‍්‍රබලයින් කිහිපදෙනෙකුගේ උවමනාව මත එම කටයුතු සිදු වී තිබේ. මේ නිස...

Yahoo බිඳ වැටෙයි.
විජයකලා ඉල්ලා අස්වීමට තීරණය කරයි.
පවුලේ බලය රැකගන්න මහින්දගේ දොස්තර මස්සිනා කරපු වැඩේ [Gossip]

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබා දීමේ දී එහි ප‍්‍රබලයින් කිහිපදෙනෙකුගේ උවමනාව මත එම කටයුතු සිදු වී තිබේ.

මේ නිසා එම පෙරමුණේ අභ්‍යන්තර ගැටුම් උග‍්‍ර වී ඇත. පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇතුළු නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, කුමාර වෙල්ගම, ප‍්‍රසන්න රණතුංග ආදින්ගේ පෞද්ගලික හිතවතුන්ට නාමයෝජනා ලබා දීම නිසා මෙම අර්බුදයන් උග‍්‍ර වී ඇත.

හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මහ මැතිවරණයට එම දිස්ත‍්‍රික්කයෙන් ඉදිරිපත් වූ අවස්ථාවේ දී සහය පළ කළ පළාත් පාලන මන්ත‍්‍රීවරු කිහිපදෙනෙකුට ද මෙවර නාමයෝජනා ලබා දී නොමැත. ඒ අතර රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටිය දී ආහාර ගත් හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් තිදෙනෙකුට ද නාම යෝජනා නොදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට පැමිණිලි ලැබී ඇත.

තමන් ඇතුළු පිරිසට නාමයෝජනා ලබා නොදුන්නේ අවස්ථාවාදී දේශපාලන  කුමන්ත‍්‍රණකරුවන් වන කුමාර වෙල්ගම හා ලලිත් එල්ලාවල යන දෙදෙනා බව බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභා හිටපු සභාපති මනෝජ් සංජය මහතා පැවසුවේය.

මුල් අවස්ථාවේ දී පොදු ජන පෙරමුණෙන් නාමයෝජනා ලබා දෙන බවට බොරු පොරොන්දු ලබා දීම නිසා සමාජයට මුහුණ දීමට නොහැකි වීමෙන් අසහනයට සහ ආතතියට පත් කිහිප දෙනෙකු රෝගාතුරව රෝහල්ගතව ප‍්‍රතිකාර ලබාගෙන තිබේ.

පානදුර නගර සභාවට ඉදිරිපත් වීමට නාමයෝජනා ලබාදෙන බවට පොරොන්දු දී පසුව එම අවස්ථාව ලබා නොදීම නිසා ඇති වූ හදිසි හෘදයාබාධයකින් නිමල් අජන්ත විජේසේකර නමැති අය මිය ගියේය.

මේ අතර ගාල්ල අම්පෙගම කොට්ඨාශයට අපේක්ෂකත්වය ලබා දෙන බව සඳහන් කරමින් නාමයෝජනා ලේඛනයට නම ඇතුළත් කර පසුව නාමයෝජනා අත්සන් කිරීමට යාමේ දී තම නම ඉවත් කර තිබූ බව දර්ශන බාලසූරිය පැවසීය. මේ අතර කෝට්ටේ මහනගර සභාවට පොදුජන පෙරමුණේ තරග වැදීමට අපේක්ෂාවෙන් සිටි  ජ්‍යෝතිර්වේදී විජිත් රෝහණ විජයමුණි මහතාට ද නාමයෝජනා ලැබී නොමැත. සිය මුහුණු පොතට විස්තරයක් එක් කරමින් පවසා ඇත්තේ තමන් බැසිල් රාජපක්ෂ මහතා හමුවී පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේ නාමයෝජනා ලබාදෙන පොරොන්දුවට පිට බවත් කෝට්ටේ හිටපු උප නගරාධිපති මධුර විතානගේ මහතාගේ උවමනාවට තම නම කපා දමා බැසිල් රාජපක්ෂ මහතා තමන් නොමඟ යැවූ බව පවසා ඇත. 

මේ අතර නාමයෝජනා සැකසීමේ දී ඇති වූ දෝෂයන් නිසා වැඩිම පොදු ජන පෙරමුණේ නාමයෝජනා ගණනාවක් ප‍්‍රතික්ෂේප වූ අතර එම ප‍්‍රමාණය එකොළහකි.

මුල් වටයේ දී නාමයෝජනා කැඳවූ 93න් වැලිගම, මහරගම සහ පානදුර නගර සභා හා අගලවත්ත, බදුල්ල, මහියංගනය ප‍්‍රාදේශීය සභාවල නාමයෝජනා ප‍්‍රතික්ෂේප විය. 21 වන දින අවසන් වූ ආයතන 2478ක් සඳහා වූ නාමයෝජනාවලින් තිරප්පනේ, වලිකාමම් උතුර, වලිකාමම් දකුණ, ඩෙල්ෆ් යන ප‍්‍රාදේශීය සභා සහ යාපනය මහ නගර සභාව යන ආයතනවල නාම යෝජනා ප‍්‍රතික්ෂේප වී තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අර්බුධ රැසක් : පොහොට්ටුවේ නාමයෝජනා හිතවතුන්ට.
අර්බුධ රැසක් : පොහොට්ටුවේ නාමයෝජනා හිතවතුන්ට.
http://ift.tt/2BETHO9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_993.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_993.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy