ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතුවලදී එක්සත් ජාතික පක්‍ෂය පොදු සතුරා ලෙස සලකා කටයුතු කිරීමට ශ‍්‍රි ලංකා නිදහස් පක...
ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතුවලදී එක්සත් ජාතික පක්‍ෂය පොදු සතුරා ලෙස සලකා කටයුතු කිරීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වෙයි.
පසුගියදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේද සාකච්චා කර ඇත්තේ හ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ‍්‍රිලනිපයේ පොදු සතුරා ලෙස සලකා කටයුතු නොකල යුතු බවයි.
කෙසේ වෙතත් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් කිසිවෙකු හෝ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු සදහා සහභාගී වුවහොත් විනය ක‍්‍රියාමාර්ග ගැනීමටද එහිදී තීරණය කර ඇත.
මේ අතර හිටපු ජනාදීපති මහින්ද රාජපක්‍ෂ මහතාද මේ වන විටත් සදහන් කර ඇත්තේ තම පොදු සතුරා ශ‍්‍රීලනිපය නොව එක්සත් ජාතික පක්‍ෂය බවයි.
COMMENTS