එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානයේ විරෝධතා මධ්‍යයේ හිටපු ජනාධිපති පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ විපක්ෂ නායක ධුරයේ වෙනසක් සිදු නොකිරීමට...
එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානයේ විරෝධතා මධ්‍යයේ හිටපු ජනාධිපති පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ විපක්ෂ නායක ධුරයේ වෙනසක් සිදු නොකිරීමට කතානායක කරු ජයසුරිය මහතා තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කලා.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කලේ හිටපු ජනාධිපතිවරයා සිය පක්ෂයෙන් ඉල්ලා අස් වූ බවක් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් දැනුම් දී නොතිබීම කතානායකවරයාගේ එම ස්ථාවරයට හේතු වී ඇති බවය.
ඒ අනුව විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් නොකිරීමට කතානායකවරයා බොහෝ ධුරට කටයුතු කරනු ඇති.
මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායකවරයා ලෙස පිළිගන්නා බවට කතානායක කරු ජයසූරිය මහතා නිවේදනය කිරීමෙන් අනතුරුව එයට දෙමළ ජාතික සන්ධානය විරෝධය පළ කලා.
එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා පැවසුවේ , හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන මාසයකට වැඩි කලක් ගත වී ඇති බැවින් ඔහු තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවන බවය.
ඉන් අනතුරුව ප්‍රකාශයක් කළ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා සඳහන් කළේ, කතානායක කරු ජයසූරිය විසින් තමන් විපක්ෂනායක ධුරයෙන් ඉවත් නොකර මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ලෙසින් පිළිගනු ලැබ ඇති බවය.
COMMENTS