දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉරණමඩු ජලාශයේ ඉවත්කරපු සේනානායක මහත්වරුන්ගේ නාම පුවරුව නැවත ස්ථාපිත කරයි
Homeප්‍රවෘත්ති

ඉරණමඩු ජලාශයේ ඉවත්කරපු සේනානායක මහත්වරුන්ගේ නාම පුවරුව නැවත ස්ථාපිත කරයි

PropellerAds

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ප්‍රතිශංස්කරණය කරන අවස්ථාවේදී ඉවත් කරන ලද සේනානායක මහත්වරුන්ගේ පැරණි නාම පුවරුව වහාම ක්‍රියාත්මක වන පරිදි තිබූ ස...

විපක්ෂ නායක ධුරය සම්බන්දන්ගෙන් උදුර ගන්න යයි
යාපනයේ සුලිපුරම්හි මිය ගිය පාසල් දැරියගේ බවට සැකකෙරෙන නිල ඇඳුම් හමුවෙයි (PHOTOS)
ලංකා කම්කරු කොංග්‍රසයේ පිරිසක් දිගම්බරම්ගේ පක්ෂයට එක් වෙයි
ඉරණමඩු ජලාශයේ ඉවත්කරපු සේනානායක මහත්වරුන්ගේ නාම පුවරුව නැවත ස්ථාපිත කරයි

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ප්‍රතිශංස්කරණය කරන අවස්ථාවේදී ඉවත් කරන ලද සේනානායක මහත්වරුන්ගේ පැරණි නාම පුවරුව වහාම ක්‍රියාත්මක වන පරිදි තිබූ ස්ථානයේම නැවත ඉදිකරන ලෙසට උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ්කුරේ මහතා නියෝග කොට ඇත.

මේ අනුව ඊයේ(10) සවස් වන විට ඉරණමඩු ජලාශයේ ඉවත් කරන ලද පැරණි නාම පුවරුව තිබූ ස්ථානයේම නැවත සවි කිරීමට කිලිනොච්චිය වාරිමාර්ග නිලධාරීන් කටයුතු කරනු ලැබීය.

මීට දින කිහිපයකට පෙර ඉරණමඩු ජලාශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන්  1954 වසරේදී එවක අග්‍රාමාත්‍ය වු ඩි.එස්.සේනානායක මහතා හා එවක කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නාමයන් සඳහන්ව පැවති නාම පුවරුව එලෙස ඉවත් කොට ඇති බවට කිලිනොච්චියේ ප්‍රදේශවාසීන් කියා සිටියහ.

නමුත් මේ පිළිබඳව කිලිනොච්චිය වාරිමාර්ග නිලධාරීන්ගෙන් විමසීමේදී කියා සිටියේ වසර ගණනාවක් පුරාවට පැවති එම නාම පුවරුව අබලන් තත්වයක පැවතීම හේතුවෙන් ඉවත් කොට නැවත පිලිසකර කොට එම ස්ථානයේම නැවත ඉදිකිරීමට පියවර ගන්නා බවටයි.

අදාල නාම පුවරුව ඉවත් කිරීම සම්බන්ධයෙන් උතුරු පලාත් ආණ්ඩුකාර තුමන් දැනුවත් වී නොතිබීමත් කිලිනොච්චිය වැසියන්ගෙන් එල්ල වූ විරෝධතාත් සමග ඒ බව උතුරු ආණ්ඩුකාර වරයාට සැල වූ වහාම අදාල නාම පුවරුව එම ස්ථානයේම සවි කිරීමට කොන්ත්‍රාත් කරුවන්ට හා වාරිමාර්ග නිලධාරීන්ට උපදෙස් දී තිබුණි.

මේ අතර පසුගිය 07 වනදා කිලිනොච්චිය ඉරණමඩුව රුපියල් මිලියන 2000 කට අධික මුදලකින් සංවර්ධනය කොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් වාන් දොරටුව විවෘත්ත කල අතර ඊට පෙර නව නාම පුවරුවක්ද විවෘත්ත කරනු ලැබීය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉරණමඩු ජලාශයේ ඉවත්කරපු සේනානායක මහත්වරුන්ගේ නාම පුවරුව නැවත ස්ථාපිත කරයි
ඉරණමඩු ජලාශයේ ඉවත්කරපු සේනානායක මහත්වරුන්ගේ නාම පුවරුව නැවත ස්ථාපිත කරයි
http://am.lk/media/k2/items/cache/e1fd6fc5b16cbf5eb496232d12afcd3e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_889.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_889.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy