දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණට සහාය ලබාදෙන්නේ නම් කොන්දේසි සහිත ලිඛිත ගිවිසුමකට දෙපාර්ශවය එකඟවිය යුතු යැය...
දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණට සහාය ලබාදෙන්නේ නම් කොන්දේසි සහිත ලිඛිත ගිවිසුමකට දෙපාර්ශවය එකඟවිය යුතු යැයි දෙමළ සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානය තීරණය කර තිබේ.
එම ලිඛිත ගිවිසුමට කොන්දේසි 5ක් ඇතුළත් විය යුතු බවද එක්සත් ජාතික පෙරමුණ ඊට එකඟ නොවන්නේ නම් සහාය ලබා නොදිය යුතු බවද ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාව තීන්දු කළ බව එහි සාමාජික උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා පැවසීය.
ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාව පෙරේදා (01) වව්නියාවේදී රැස්වී එම තීන්දුව ගත් බවද ඔහු කීය.
දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දෙකක් හිමිව තිබෙන අතර සෙල්වම් අඩෙක්කලනාදන් සහ කේ. කෝතීස්වරන් එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙති.
COMMENTS