අද දිනයේ සිට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් මුළු දිවයිනම ආවරණය වන පරිදි සුහුරු ජාතික හැදුනුම්පත් (Smart Identity Card)...
අද දිනයේ සිට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් මුළු දිවයිනම ආවරණය වන පරිදි සුහුරු ජාතික හැදුනුම්පත් (Smart Identity Card) නිකුත් කිරීමට තීරණය කර තිබේ.
පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ අදාළ හැදුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු බස්නාහිර සහ සබරගමු පළාත්වල අත්හදා බැලීම සිදුකල බවයි.
එය සාර්ථක වූ බැවින් අද දිනයේ සිට දිවයින පුරා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මෙම නව ක්‍රමය යටතේ ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම් කිරීමේ දී අයදුම්පතේ අයදුම්කරුගේ ඡායාරූප ඇලවීම අවශ්‍ය නොවන අතර ඡායාරූප ශාලා විසින් ලබාගන්නා ඡායාරූප දෙපාර්තමේන්තුව වෙත විද්‍යුත් තැපැල් මාර්ගයෙන් යොමුකිරීමට නියමිතයි.
ජාතික හැඳුනුම්පත් සඳහා විකෘති කළ හෝ වැරදි ඡායාරූප ඇතුළත් කිරීම වැනි අයථා ක්‍රියා නතර කිරීමේ අරමුණින් මෙම නව වැඩපිළිවෙල හඳුන්වා දෙන බව වියානි ගුණතිලක මහතා සඳහන් කළේය.
COMMENTS