පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රා...
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නන මෙනවිය නියෝග කළේය.
ඒ, රුපියල් මිලියනය බැගින් වූ මුදල් ඇප හා රුපියල් මිලියන 2ක බැගින් වූ ශරීර ඇප හතරක් මතය.
ඊට අමතරව ඇප කොන්දේසි කිහිපයක්ද පනවනු ලැබුවේය.
ඇප කොන්දේසි
- සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීම.
- සතියේ සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිම.
- ඇපකරුවන් ලෙස පෙනී සිටින පුද්ගලයින් 4 දෙනාගෙන් දෙදෙනෙකු ළඟම ඥාතීන් විම
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පසුගිය වසරේ පෙබරවාරි 5 වන දින අත්අඩංගුවට ගැනුණු අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන වසරකට ආසන්න රක්ෂිත බන්ධනාගාරගත කර සිටියහ.
COMMENTS