දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැබිනට් ඇමතිකමක් නොලැබුනොත් දැඩි තීරණයක් ගන්නවා-පාලිත රංගෙ බණ්ඩාර
Homeගොසිප්

කැබිනට් ඇමතිකමක් නොලැබුනොත් දැඩි තීරණයක් ගන්නවා-පාලිත රංගෙ බණ්ඩාර

PropellerAds

මාසයක් තුළ තමන්ට කැබිනට් ඇමැති ධුරයක් නොලැබුණහොත් තමන් දැඩි තීරණයකට පැමිණෙන බව පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍ර...

එජාප - ශ්‍රීලනිප ගැටුම් ලිහන්න චන්ද්‍රිකා පෙරට.
තමන්ගේම වංචා නඩුවෙන් බේරෙන්න රවී පනතක් සම්මත කර ගෙන.
පුංචි ඡන්දය එකම දිනයක - පෙත්සම හෙට අස්‌කර ගැනේ.

මාසයක් තුළ තමන්ට කැබිනට් ඇමැති ධුරයක් නොලැබුණහොත් තමන් දැඩි තීරණයකට පැමිණෙන බව පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පවසා සිටියේ
ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ ආඬිගම සියඹලාවැව ජනතාවට උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

 ''එජාපයේ හැරවුම් ලක්‌ෂ්‍යය කළෙත් රංගේ බණ්‌ඩාර කියලා කියනවා. හැබැයි දැන් කැබිනට්‌ මණ්‌ඩලය පත් කරලත් මාසයක්‌ විතර වෙනවා. ඒ වෙලත් රංගේ බණ්‌ඩාරට කැබිනට්‌ ඇමැතිකමක්‌ නැහැ.
මම වාරිමාර්ග ජල කළමනාකරණ හා ආපදා රාජ්‍ය ඇමැති වෙලා ඉඳිද්දී ජපානයට ගිහින් හිටියා. එහිදී තමා මේ සේරම සිද්ධ වුණේ. රජයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඉවත් වෙනවා කියලා ඒකේ ලේකම් මහින්ද අමරවීර ප්‍රකාශ කරලා පැය දෙකක්‌ යද්දී තවත් අගමැති කෙනෙකු පත් කරනවා. මෙන්න මේ විදිහටයි රටේ නීතිය අනිත් පැත්ත හරවලා තිබුණේ.

 ඒ එක්‌කම රටේ ප්‍රධාන කෙනා මට කතා කරනවා රංගේ ඔයා කොහෙද, අපි ගාවට එන්න අපි ඔයාට කැබිනට්‌ ඇමැතිකමක්‌ සමග කෝටි පනහක්‌ දෙන්නම් කියලා.

 ඒත් එක්‌කම තවත් දුරකථන ඇමතුම් එනවා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබල අයගෙන්. රංගේ ඔයා එන්න අපි ඔයාට අවශ්‍ය දේවල් දෙන්නම් කියලා. නමුත් මේ රංගේ බණ්‌ඩාර එහෙම ගියේ නැහැ. කෙළින් කතා කරන කෙළින් වැඩ කරන රංගේ බණ්‌ඩාර එක්‌සත් ජාතික පක්‍ෂය දාලා ගියේ නැහැ. එහෙමයි අපි වැඩ කළේ. නමුත් මේ විදිහට මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන්ට කතා කෙරුවා කියනවා හැබැයි කොන්ද කෙළින් තියාගෙන කවුරුත් කිව්වේ නැහැ. ඒකත් හෙළි කරලා එක්‌සත් ජාතික පක්‍ෂයේ හැරවුම් ලක්ෂය කළේ රංගේ බණ්‌ඩාර කියලා ජනතාව හැම කෙනාම කියනවා.

 හැබැයි ඒ ආකාරයට එජාපයේ හැරවුම් ලක්ෂය කරපු මිනිහා අද පැත්තක දැන් ආණ්‌ඩුව පිහිටුවලා ඉවරයි. ආණ්‌ඩුවේ හැරවුම් ලක්ෂය කරලා ආණ්‌ඩුව පිහිටුවේ රංගේ බණ්‌ඩාර කියලා මිනිස්‌සු කියනවා.

 හැබැයි එහෙම එක්‌සත් ජාතික පක්‍ෂයේ හැරවුම් ලක්ෂය කරපු රංගේ බණ්‌ඩාරට මොකද වුණේ.
දැන් ආණ්‌ඩුව පිහිටුවලා ඉවරයි රංගේ බණ්‌ඩාරගෙන් එළියේ ජනතාව අහනවා ඇයි මේ කෝටි ගණනත් ඇමැතිකමත් අරගෙන එකතු වුණේ නැත්තේ කියලා. නොගත්තේ කියලා දැන් ජනතාව අහනවා.

 මේ ඔක්‌කොම කරලා තියෙන්නේ, හරවලා තියෙන්නේ ආණ්‌ඩු පිහිටුවලා තියෙන්නේ හැරවුම් ලක්ෂය කරලා තියෙන්නේ රංගේ බණ්‌ඩාර. නමුත් ඇමැතිකම් අරන් තියෙන්නේ වෙන කට්‌ටිය.

 මේ නිසා පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ ජනතාව වෙනුවෙන් මටත් දැන් තීරණයක්‌ ගන්න වෙනවා. ලබන 2019 මුල් කාලය තුළදී මේ ප්‍රශ්නය බේරුවේ නැත්නම් කැබිනට්‌ ඇමැති කමක්‌ නොලැබුණහොත් හැරවුම් ලක්ෂය ගැන දැඩි තීරණයක්‌ ගන්න වෙනවා.

 පුත්තලමේ මිනිසුන්ගේ අධ්‍යාපන ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න සහ ජනතාවගේ අනිකුත් ප්‍රශ්න විසඳන්න මම කැබිනට්‌ එකේ ඉඳගන්න ඕනා.

 ජනතාව හඬමින් කතා කරනවා අපි කොළඹ යන්න එන්නම් උපවාස කරන්නම්, විරෝධතා කරන්නම් මේ ප්‍රශ්න විසඳ ගන්න කියලා. මම දැනට ජනතාව නිහඬ කරලා තියෙන්නේ. ජනතාව දන්නවා රංගේ බණ්‌ඩාර කවුද කියලා. පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ මිනිස්‌සු දන්නවා රංගේ බණ්‌ඩාර ජනතාවට කරපු සේවය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැබිනට් ඇමතිකමක් නොලැබුනොත් දැඩි තීරණයක් ගන්නවා-පාලිත රංගෙ බණ්ඩාර
කැබිනට් ඇමතිකමක් නොලැබුනොත් දැඩි තීරණයක් ගන්නවා-පාලිත රංගෙ බණ්ඩාර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiv7kS4l86iMrjo6hJp_9jtKJte0ugfNv_lLk1KK4BmRNiuD1Pb6RFmrH6oFGRB76BXQY3to_3DollJkXPTDjdNS7wMDziQGNWfECTG4zBNuYkc1s5tFntI6VqI6XDvBHxDqJUqYhSIA_g/s1600/chrome_2018-12-28_08-53-45.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiv7kS4l86iMrjo6hJp_9jtKJte0ugfNv_lLk1KK4BmRNiuD1Pb6RFmrH6oFGRB76BXQY3to_3DollJkXPTDjdNS7wMDziQGNWfECTG4zBNuYkc1s5tFntI6VqI6XDvBHxDqJUqYhSIA_g/s72-c/chrome_2018-12-28_08-53-45.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_675.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_675.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy