විදේශ විනිමය වංචාවක් පිළිබඳ නඩුවේදී මන්ත්‍රි රවි කරුණානායක නිෙදාස් කොට නිදහස් වී නැති නමුත් නැවත ඔහුට එරෙහිව නඩු පැවැරීමේ බලය වළක්වන විනි...
විදේශ විනිමය වංචාවක් පිළිබඳ නඩුවේදී මන්ත්‍රි රවි කරුණානායක නිෙදාස් කොට නිදහස් වී නැති නමුත් නැවත ඔහුට එරෙහිව නඩු පැවැරීමේ බලය වළක්වන විනිමය පාලන පනතක් මන්ත්‍රි කරුණානායක විසින්ම සම්මත කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.
පසුගිය ජූලි (25දා) පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පනතින් මන්ත්‍රිවරයාට නඩු පැවැරීමේ බලය වළක්වා ඇති බවත් ඊට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය පාවිච්චි කළද ආණ්ඩුවේ බහුතර බලයෙන් එය සම්මත වූ බවත් මන්ත්‍රිවරයා පැවැසීය.
දිසානායක මහතා කියා සිටියේ තමන්ගේම නඩුවකින් තමන්ම බේරීමට සිදුකරන මෙවැනි ක්‍රියාවලීන්ට ආණ්ඩුව සහාය පළ කරන බවත් ඒ අනුව වංචනිකයන්, දූෂකයන් රකින්න ඕනෑම නීති පනතක් වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව ඔප්පු කර හමාර බවය.
ඔහු වැඩිදුරටත් පැවැසුවේ අදාළ නඩුව විවිධ එකඟතාවන් මත කල් ගිය අතර හිටපු මුදල් ඇමැති ලෙස රවි කරුණානායක මහතා අමාත්‍යාංශ රෙගුලාසිවලට පටහැනිව කටයුතු කර ඇති බවයි.
දිසානායක මහතා මේ බව කීවේ ඊයේ එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

COMMENTS