ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ඇලයිනා තෙප්ලිට්ස් මහත්මිය ඊයේ මහනුවරදී කළ ප්‍රකාශයට හිටපු අමාත්‍ය ...
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ඇලයිනා තෙප්ලිට්ස් මහත්මිය ඊයේ මහනුවරදී කළ ප්‍රකාශයට හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (11) පිළිතුරු දුන්නේය.
ඔහු සඳහන් කළේ තානාපතිවරියගේ ප්‍රකාශය සඳහා ඇයට ලබාදී ඇති තොරතුරු සාවද්‍ය බවත් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ඇයට සිය කරුණු නිවැරදි කර ගැනිමට මහ බැංකු අධිපති සමග සාකච්ඡාවකට එක්වෙන ලෙසට ආරාධනා කරන බවත් ඔහු පැවැසීය.
ආර්ථික අර්බුදය උග්‍රවන බව දැනගෙන මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුව භාර ගත් බවත් ආර්ථික අර්බුදය ආරම්භ වූයේ බැඳුම්කර වංචාවෙන් පසුව බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
COMMENTS