දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා දෙවැනි රැල්ලක් එනවා කිවුවාම සජිත්ගේ මූණ මලක් වගේ පිපිලා.. හරියට ජනාධිපතිකම ලැබුණා වගේ..
Homeප්‍රවෘත්ති

කොරෝනා දෙවැනි රැල්ලක් එනවා කිවුවාම සජිත්ගේ මූණ මලක් වගේ පිපිලා.. හරියට ජනාධිපතිකම ලැබුණා වගේ..

PropellerAds

කුඩු ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබා දිය යුතු බවත් පොහොට්ටු ආණ්ඩුවක් යටතේ රට තුළ කුඩු හා පාතාලය මර්දනය කිරීම සදහා දිවි හිමියෙන් කැපවන බවත් ...

සිංහරාජ මායිමේ ඉදි කරන්නේ හෝටලයක් නොවේ.. නිවාස 04ක්.. අපට නවත්වන්න බෑ…- මද්‍යම පරිසර අධිකාරිය
ඩොලරය 350 පනින්නත් පුළුවන්.. මේ තරම් පිරිමහන රජයක් ලොවෙත් නෑ…
HUTCH තඹ වංචාවක | දේශීය තඹ කර්මාන්තකරුවන්ට මරු පහරක් දෙයි
කුඩු ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබා දිය යුතු බවත් පොහොට්ටු ආණ්ඩුවක් යටතේ රට තුළ කුඩු හා පාතාලය මර්දනය කිරීම සදහා දිවි හිමියෙන් කැපවන බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

පසුගිය වසර හතර හමාර තුළ මෙරට කුඩු හා පාතාලය ප්‍රවර්ධනය කළේ යහපාලන ආණ්ඩුව බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කුඩු හා පාතාලය සම්බන්ධයෙන් අද ගොලු බිහිරි ප්‍රතිපත්තියක් යහපාලන ආණ්ඩුව අනුගමනය කළ බවට ද චෝදනා කරයි.

මිනුවන්ගොඩ කොරස ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“පහුගිය රජය කාලේ මේ රටට නොගැලපෙන අණපණත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා. රටට අහිතකර ජාත්‍යන්තර ගිවිසුම් වලට ගිය අණපණත් ගෝඨාභය ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙලට බාධාවක්. අපි තුනෙන් දෙකක බහුතර බලයක් ඉල්ලන්නේ ඒ වගේ යහපාලනය ගෙන ආ රටට අහිතකර අණපණත් අහෝසි කරන්නයි. පෞද්ගලිකව රාජපක්ෂලාගෙන් පළිගන්න ගෙනාපු 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපේ රජයක් යටතේ අහෝසි කරන්නත් තුනෙන් දෙකේ බලයක් අවශයයි. සියලු ජාතීන්ට සමගිව ජීවත්වෙන්න පුළුවන් රටක් බිහිකරනවානම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අලුතින් ගේන්න වෙනවා. ඒකට තුනෙන් දෙකක බලයක් අවශ්‍යයි. මෛත්‍රී – රනිල් – සජිත් තුන් කට්ටුව අවුරුදු හතර හමාරක් මේ රට විනාශ කළා. මේ රටේ ආර්ථිකය කඩා බිද දැම්මා. රට තුළ සමාජීය, ආර්ථික හා දේශපාලන ගැටළු ඇති කළා. මේ රටේ රණවිරුවන්ට ජාත්‍යන්තර අධිකරණ වලට යවන්න හැදුවා. ඉඩකඩම් කුණු කොල්ලයට පිටරැටියන්ට විකුණන්න හැදුවා. යහපාලනය තමන්ට තිබුණු බලතල භාවිතා කළේ රට හදන්න නෙමෙයි. රට කඩන්න. මහින්ද මහත්තයා මෛත්‍රීට රට භාරදෙනකොට අපේ ආර්ථික වර්ධන වේගය 5.5% යි. මෛත්‍රී ගෝඨාභය මහත්තයාට භාරදුන්නේ 2.2% ක ආර්ථික සංවර්ධන වේගයකින් යුතු රටක්.

අද යහපාලන යාලුවෝ ටික මරාගන්නවා. රනිල් – සජිත් අද රණ්ඩුවෙන්නේ මේ රටේ බලය අල්ලගන්න නෙමෙයි. තමන්ගේ පක්ෂයේ බලය රැකගන්න. ඕකට කියන්නේ දිට්ඨධම්ම වේදනීය කර්මය. මේ රටට විණ කරන මිනිස්සු හැදිගෑවිලාම යනවා. ඒක තමයි ඇත්ත. ඊයේ පෙරේදා කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ලක් එන්න පුළුවන් කියලා කිවුවාම සජිත්ගේ මූණ මලක් වගේ පිපුණා. හරියට ජනාධිපතිකම ලැබුණා වගේ. ආණ්ඩුව ඒක පාලනය කරනකොට කියනවා දෙවැනි රැල්ලක් එන්න පුළුවන් කියලා. මම රනිල්ලාට – සජිත්ලාට කියනවා ඔය මොන රැල්ලත් යටයි ජනතා රැල්ලට. අගෝස්තු 05 වෙනිදාට ඇතිවෙන ජනතා රැල්ලට සජිත්ලා – රනිල්ලා මේ රටෙන් අතු ගා දමන්න ජනතාව බලාගෙන ඉන්නේ. ඒ අය බලයට රණ්ඩු කරනකොට අපි බලන්නේ මේ රට ගොඩනගන්න. ඒක කරන්න පුළුවන් රටේ ස්ථාවර ආණ්ඩුවක් බලයට පත්වුණොත් විතරයි. පසුගිය ජනාධිපතිවරණයේ දි සජිත්ගේ වේදිකවේ තිබුණේ මඩ විතරයි. හැබැයි ගෝඨාභය මහත්තයාගේ තියෙන්නේ වැඩ. අද රටට ඕනේ පොරොන්දු දේශපාලනය නෙමෙයි. දැක්මක් තියෙන වැඩ කරන දේශපාලනය. ජනතාව ඉල්ලන්නේ එයයි.

මුළු රටේම අද ලොකු සමාජීය ගැටළුවක් බවට පත්වෙලා තියෙන්නේ පාතාලය හා කුඩු ජාවාරමයි. ඒ කුඩු ජාවාරම හා පාතාලය මර්දනය කිරීමට ගෝඨාභය ජනාධිපතිතුමා ප්‍රතිඥා දි තිබෙනවා. මිනුවන්ගොඩ යටියන කුඩු සිද්ධිය පොලීසියට අල්ලලා දුන්නේ අපි. නාකොටික් එක තමයි කුඩුකාරායෝ අල්ලන්නේ. ඒ අල්ලන අය එක්ක අත්අඩංගුවට ගන්න කුඩු වලට මොකද වෙන්නේ . කුඩු වලට පාන්පිටි එකතු කරලා ඒක යවනවා උසාවි. ඉතුරු හොද ටික ආපහු සමාජයට එනවා. පසුගිය අවුරුදු හතරාහමාරේ මේ රටේ පාතාලය හා කුඩු ප්‍රවර්ධනය කළේ යහපාලන ආණ්ඩුවයි. එදා ආණ්ඩුව හිටියේ අන්ධ ගොළු බිහිරන් වගේ. ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණාම කුඩු ජාවාරම්, පාතාලය නතර කරන්න අවශ්‍ය පියවර ගත්තා. මිනුවන්ගොඩ යටිටන කෙරුණ කුඩු ජාවාරමත් යහපාලනයේ අතුරු ප්‍රතිඵලයක්. යටියන පන්සලේ රැස්වීමක් තිබ්බා. ඒ රැස්වීමේ දී පොලීසියට මේ ගැන ඉක්මණින් ක්‍රියාත්මක වෙන්න කියලා කිවවේ මමයි. ඒ අනුව තමයි නාකොටික් ජාවාරම හෙළි වුණේ. පසුගිය යහපාලන කාලේ කුඩු ගිණි තිබ්බා. රටේ ජනාධිපතිත් ගියා. මෛත්‍රීලා ගිහින් එදා ගිණි තියලා තියෙන්නේ අර පාන්පිටි දාපුවා. රොටී පුච්චන්න වෙන්න ඇති. යහපාලනය පෝෂණය කරපු කුඩු ජාවාරම හා පාතාලය මර්දනයට අපි දිවි හිමියෙන් කටයුතු කරනවා. කුඩු ජාවාරම් කරුවන්ට මරණිය දණ්ඩනය දෙන්න ඕනේ. ඒ මගේ ආගමට විරුද්ධ වුණත් මේ රට බේරාගන්න එවැනි පියවරකට යා යුතුයි. ඒක මගේ පෞද්ගලික කැමැත්ත. කුඩු කාරයන් අපේ බදු මුදලින් නඩත්තු කරලා වැඩක් නෑ.”

– ප්‍රදීප් අනුර කුමාර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා දෙවැනි රැල්ලක් එනවා කිවුවාම සජිත්ගේ මූණ මලක් වගේ පිපිලා.. හරියට ජනාධිපතිකම ලැබුණා වගේ..
කොරෝනා දෙවැනි රැල්ලක් එනවා කිවුවාම සජිත්ගේ මූණ මලක් වගේ පිපිලා.. හරියට ජනාධිපතිකම ලැබුණා වගේ..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYdpzNHsqylHFl8dSKK0CmbXlMhCMSr_Td96vQbK7uB6V1DrF7k0ECerOxKEK5u_8bD0bkuhgaqwbmHem7mm2WTTxUktfrPaUVFGFwKaSEcpgL2lC7r8z_LK7eaGCqLjJnmDUJZwxO_4Y/s320/kkds.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYdpzNHsqylHFl8dSKK0CmbXlMhCMSr_Td96vQbK7uB6V1DrF7k0ECerOxKEK5u_8bD0bkuhgaqwbmHem7mm2WTTxUktfrPaUVFGFwKaSEcpgL2lC7r8z_LK7eaGCqLjJnmDUJZwxO_4Y/s72-c/kkds.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_834.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_834.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy