දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"පාර්ලිමේන්තු සම්ප්‍රදාය දූවිල්ලට දාල වැඩ කරන කොට අපට ශීලාචාරය රකින්න බෑ" - කෙහෙළිය
Homeප්‍රවෘත්ති

"පාර්ලිමේන්තු සම්ප්‍රදාය දූවිල්ලට දාල වැඩ කරන කොට අපට ශීලාචාරය රකින්න බෑ" - කෙහෙළිය

PropellerAds

පාර්ලිමේන්තු සම්ප්‍රදාය දූවිල්ලට දාල වැඩ කරන  කොට අපට ශීලාචාරය රකින්න බෑ යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල ...

වයස ඉලක්කමක් විතරයි.
හිරුණිකාගේ Porn පොලිසිය හා පොලිසි.
ඇමැති මණ්ඩල තීරණයෙන් නැවතුනු කරුංකා ජාවාරම නීතියට කිරීමට සැරසෙයි

පාර්ලිමේන්තු සම්ප්‍රදාය දූවිල්ලට දාල වැඩ කරන  කොට අපට ශීලාචාරය රකින්න බෑ යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.

ඒ මහතා එම අදහස් ප්‍රකාශ කළේ, පූජාපිටිය ෆීල්ඩ් වීව්   උත්සව ශාලාවේ පැවැති පූජාපිටිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙ රැස්වීමක් අමතමිනි.  

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා තව දුරටත් අදහස් දක්වමින්  මෙසේද කීය.

"අද වන විට අපේ රටේ ජනතාව තුල පොඩි සැකයක් මතු වෙලා තියෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා. ඒවගේ මතවාදයක්   ඔබ තුල  තිබෙනවා. එ්කට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ රටේ ජනතාවට  අවිනිශ්චිතයි අපි අවුරුදු හතරක් තිස්සේ ආව ගමන මොන මංසන්ධියෙන් කොයි පැත්තට හැරෙයිද කියලා .නිවරැදි තැනට යයිද නැත්නම් අපට යම් අහේනියක් සිදු  වෙයිද කියලා ජනතාව කල්පනා කරනවා .අපි එක දෙයක් ස්ථරවම කියනවා. මේ රටේ අති බහුතරයක් මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන තිබූ විශ්වාසය අබමල් රේණුවකිනවත් ඒ විශ්වාසය අඩු කර ගන්න එපා. අපි ඒ සටන ජයග්‍රහණය දක්වා මොන බාධක ආවත් අරගෙන යනවා.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කළා. ඒකට විරුද්ධව නොයෙකුත් වැඩසටහන් ගියා.උසාවියට පෙත්සම් 13 ක් අරගෙන 13  දෙනෙක් ගියා .උසාවියෙන්  නියෝගයක් දුන්නේ මැතිවරණ කොමසාරිස් විසින් මැතිවරණය පැවැත්වීම සහ නව පාර්ලිමේන්තුව ජනවාරි 17 වනදා කැඳවීම අත් හිටවමින් අතුරු නියෝගයක් පමණයි. නමුත් රටේ මත වාදය යන්නේ නඩුව පරාදයි කියලයි.  එජාපය දඟලපු විදිහ කවුරුත් දකින්න ඇති. නඩුව පැරදිලා නෑ.  මේක අතුරු තහනමක් විතරයි. නඩුව අහන්නේ 4, 5, සහ 6 . එතකම් බලය තියෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලයටයි."

"හුඟක් අය කතා කරල අහනව පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල ඇති වුන සිද්ධීන්  එතරම් හොඳ නෑ නේද කියලා .අපි පාර්ලිමේන්තුවට ගිහින් මහ විප්ලවයක් කරනවා. දිලුම් අමුණුගම මන්ත්‍රීතුමා  අත කපා ගන්නවා. මේව සාමාන්‍යයෙන් කරන දේවල් නෙවෙයිි.මේ සිදුවිම තනිව දකින විට හැඟෙන්නේ  හිතෙන්නේ මේක හොඳ  නෑ නේද කියලයි. ඊට පහුවෙකිද දවසේ අරුන්දික ප්‍රනාන්දු මහතා කතානායක පුටුවේ වාඩි වෙනවා .අපි එයාව දැම්මේ වෙන මොනවත් හින්දා නෙවෙයි එයා කලෝ 130 ක් විතර බරයි උස්සන්න බැරි නිසා. මුලින් අපි මුතුහෙට්ටිගමට කිව්වා එයාට ඒක තේරුණෙ නෑ. ඒ නිසා අපි අරුන්දික වාඩි කළා. ජනතාව හිතනව මේක හොඳ නෑ නේද කියලා.මේ උත්තරීතර ආයතනයේ ඇයි ඔය විදිහට හැසිරෙන්නේ කියලා.නමුත් තිරය පිටුපස්සේ වෙච්ච කිසි දෙයක්   මේ  රටේ ජනතාව දන්නේ නෑ. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තු වැඩ කටයුතු ආරම්භ කරන්න පෙර පක්ෂ නාකයන්ගේ රැස්වීමක් කැඳවන්න ඕන .ඒ රැස්වීම් මුලසුන ගන්නේ කතානායක ප්‍රධානියා වෙන්නේ සභානායක.පාර්ලිමේන්තු කටයුතු තීන්දු ගන්නේ එදින බලයේ ඉන්න කණ්ඩායම. ශිලාචාරකමට අනෙක් කණ්ඩායම් එක්ක කතා කරනවා .අවසන් තීන්දුව ගන්නේ කතානායක සමඟ එකතු වෙලා  සභානායක සහ එදින බලයේ ඉන්න කණ්ඩායම.එහෙම නම් එදා රජය පැවැත්වුණේ අපේ. අපේ සභානායක, අපේ අගමැති, අපේ කැබිනට් මණ්ඩලය. පළවෙනි දවසසේ ඒක කළේ නෑ. අපිත් එක්ක ගහ ගන්න ආවා. දෙවෙනි දවසේ 11 හමාරට එන්න කිව්වා ඒකට මමත් ගියා.නම් කළ කණ්ඩායමට අමතරව ඒ කාමරයට එනවා සුමන්තිරන්, රාජිත ,පාඨලී, තවත් කණ්ඩායමක් කඩාගෙන බිඳගෙන එනවා. ආවහම කතානායක කියනවා මේ කිසි දෙයක් මට වැඩක් නෑ."

"මම කරන්නේ මට ඕන දේ.මගේ හයිය මම පෙන්නනවා කියලා. අපි එළියට ඇවිත් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට  කිව්වා මෙන්න මේකයි තත්වය කියලා .කතානායක එක්ක තිබ්බ තත්වය රටේ කවුරුත් දන්නේ නෑ.ඒ වෙලාවේ අපට කරන්න තිබ්බේ මොකද්ද? ඒ විදිහට හැසිරුනේ නැත්නම් මේ අය පරණ විදිහටම ක්‍රියාත්මක කරන්න බලයි. අපි කල්පනා කළා ප්‍රජාතාන්ත්‍රවාදය රකින්න. හැබැයි මේ කළ ක්‍රමය ගැන විවේචන තියෙනවා. නමුත්  අපට වෙන ක්‍රමයක් තිබුණේ නෑ.  ඊට පෙර දිනයේ එජාප කණ්ඩායම ජනාධිපතිතුමා මුණ ගැහුණා. එතුමා කිව්වා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව බහුතරය පෙන්නන්න කියලා .එතකොට මම පිළිගන්නම් එතකම් පිළිගන්නේ නෑ කියලා.නමුත් එළියට ඇවිත් කිව්වේ දැන් ඔක්කොම හරි කියලයි. ජනාධිපතිතුමා එහෙම කිව්වේ නෑ.මේ නිසා අපිට සිද්ධ වුණා තාවකාලික කතානායකවරයෙක් හැටියට උස්සන්න බැරි කෙනෙක් පත් කරන්න. පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ සිදු වුණ සියලු දේවල්වලට වග කියන්න ඕන කතානායක වරයායි. ශීලාචාරයට ගරු කරන පිරිසක් හැටියට ජනතාවට මේ ගැන පොඩි ගැටළුවක් තියෙනවා .මේ බලන්න අපේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංග කෙරුවාව. මුදල් ඇමති රවිිට විරුද්ධව විශ්වාසභංගය භාර දුන්නේ 2016 මාර්තු 24 වනදා. විවාදයට ගත්තේ 2016 ජූනි. මාස දෙක හමාරකට පස්සේ.සෞඛ්‍ය  ඇමති රාජිතට විරුද්ධ විශ්වාසභංගහ භාර දුන්නේ 2017 අගොස්තු 24 වනදා අද වනකම් විවාදයට අරන් නෑ. විදේශ ඇමති රවීට විරුද්ධ දෙවෙනි විශ්වාසභංගය භාර දුන්නේ 2017 අගොස්තු තුන. රවි ඉල්ලා අස් වුණා. අගමැති රනිල්ට විරුද්ධ විශ්වාසභංගය භාර දුන්නේ 2015 මාර්තු 21 විවාදයට ගත්තේ 2015 අප්‍රේල් සති දෙකකට පසුව.අගමැති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව විශ්වාසභංගය භාර දුන්නේ 2018 නොවැම්බර 14 විවාදයක් නැතිව ඡන්දය ගත්තේ 2018  නොවැම්බර් 14 විනාඩි 10 කට පස්සේ.මේක  හරිද සාධාරණද? මේ විදිහට පාර්ලිමේන්තුව දූවිල්ලට දාලා කටයුතු කරන කොට අපට බෑ ශීලාචාරය රකින්න."යැයිද මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.

(මොහොමඩ් ආසික්)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "පාර්ලිමේන්තු සම්ප්‍රදාය දූවිල්ලට දාල වැඩ කරන කොට අපට ශීලාචාරය රකින්න බෑ" - කෙහෙළිය
"පාර්ලිමේන්තු සම්ප්‍රදාය දූවිල්ලට දාල වැඩ කරන කොට අපට ශීලාචාරය රකින්න බෑ" - කෙහෙළිය
http://am.lk/media/k2/items/cache/523b26d86afdc33d86f134f1fd383f2f_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_205.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_205.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy