රූ සපුව මෙන්ම ඇඳුම් ආයිත්තම් ප්‍රදර්ශනය කෙරෙන තරග හා අවස්ථා ලොව පුරා එමටය. ඒ සැමෙකකදීම ඉදිරිපත්කරන්නා හෝ ඉදිරිපත්කරන්නියගේ සිරුරේ ස්වභාවය ...
රූ සපුව මෙන්ම ඇඳුම් ආයිත්තම් ප්‍රදර්ශනය කෙරෙන තරග හා අවස්ථා ලොව පුරා එමටය.
ඒ සැමෙකකදීම ඉදිරිපත්කරන්නා හෝ ඉදිරිපත්කරන්නියගේ සිරුරේ ස්වභාවය කෙරෙහි අවධානයක් යොමුවේ.
චීනයේ මෙවරත් පැවැත්වුණු සුවිශේෂී එවන් තරගයක් දෙස බොහෝ දෙනාගේ අවධානය යොමු විණි.
'ද ග්‍රෑන්ඩ් බිකිනි ඉවෙන්ට්' (The Grand Bikini Event) නමින් චීනයේ තියාන්ජින් පළාතේ පැවැත්වුණු එම තරගය වයස අවුරුදු 55 ඉක්මවූවන් සඳහාම වෙන්වුවකි.
තමන්ගේ සිරුර පිළිබඳ විශ්වාසය ඇතිකිරීම මෙන්ම වියපත්වීම කෙරෙහි සුබවාදී ආකල්පයක් ඇතිකිරීම ප්‍රවර්ධනය කිරීම සංවිධායකයින්ගේ අරමුණය.
78 හැවිරිදි මා ජින්ග්, මෙවර ඊට ඉදිරිපත්වූ වයස්ගතම තරගකාරිය වන අතර ඇය පිළිකා කිහිපයකින්ම සුවය ලද්දියකි.
ඉතා ප්‍රීතියෙන් යුතුව මීට ඉදිරිපත්වූ 400 ට අධික තරගකරුවන් සිනහමුසු මුහුණින් විවිධ ඉරියව් නිරුපණයේ යෙදුනු අතර ඔවුනට ත්‍යාග පිරිනැමිණි.
මේ තරගකරුවන් පවසනුයේ 'වයස යනු ඉලක්කමක් පමණක්' බවය.
(BBC)

COMMENTS