එම ව්‍යාපාරයේ නිරතව සිටින සමාගම් තුනක් විසින් අත්සන් තබන ලද ලිපියක් හරහා මෙම ඉල්ලීම සිදුකර ඇති අතර අමාත්‍ය මණ්ඩල ආර්ථික කළමනාකරණ කමිටුව ල...
එම ව්‍යාපාරයේ නිරතව සිටින සමාගම් තුනක් විසින් අත්සන් තබන ලද ලිපියක් හරහා මෙම ඉල්ලීම සිදුකර ඇති අතර අමාත්‍ය මණ්ඩල ආර්ථික කළමනාකරණ කමිටුව ලබා දී ඇති තීරණය හේතුවෙන් මෙරටට ලැබුණු අතිවිශාල විදෙස් විනිමය ප්‍රමාණයක් අහිමිව ඇති බව ද එම ලිපියේ සඳහන්ව ඇති බව ද වාර්තා වෙයි.
එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන ආකාරයට 2013 වර්ෂයේ කරුංකා මෙටි්‍රක් ටොන් 9783ක් ප්‍රතිඅපනයනය කිරීමන් රුපියල් මිලියන 2065ක ආදායමක් ලබා ඇති අතර, 2014වර්ෂයේ මෙටි්‍රක් ටොන් 29384ක් ප්‍රතිඅපනයනය කර රුපියල් මිලියන 8312ක්, 2015 වර්ෂයේ මෙටි්‍රක් ටොන් 29513ක් ප්‍රතිඅපනයනය කර රුපියල් මිලියන 8312ක් සහ 2016වර්ෂයේ මෙටි්‍රක් ටොන් 13468 ක් ප්‍රතිඅපනයනය කර රුපියල් මිලියන 4949 ක් ලෙස ආදායම් ලබා ඇත.
අදාළ ලිපිය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත යොමුකරන ව්‍යාපාරිකයන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ 2008 වසර වන විට ඉතා කුඩා ව්‍යාපාරයක් බවට පත්ව තිබූ මෙම ව්‍යාපාරය 2011 වසරේ සිට වාර්ෂිකව අතිවිශාල ව්‍යාපාරයක් බවට පත් කිරීමට හැකියාව ලැබුණු බවත් 2016 වසරේ අමාත්‍ය මණ්ඩල ආර්ථික කළමනාකරණ කමිටුව නිකුත් කළ තීරණය හේතුවෙන් මේ වන විට ව්‍යාපාරය මුළුමනින්ම පාහේ කඩා වැටී ඇති බවය.
TIEP (අපනයන සැකසුම් වෙනුවෙන් තාවකාලික ආනයනය) ව්‍යාපෘතිය යටතේ කෘෂි භෝග සහ කුළු බඩු මෙරටට ආනයනය කර අගය එකතු කිරීමෙන් පසුව අපනයනය කිරීමේ සිදුවූ කරුංකා ප්‍රතිඅපනයනය කිරීමේ ව්‍යාපාරය පසුකාලීනව රජයේ අමාත්‍යවරුන්ගේද සහාය ඇතිව සිදු වූ ජාවාරමක් බවට පත් විය. ඉන්දුනීසියාව වැනි රටවලින් ආනයනය කළ කරුංකා තොග අගය එකතු කිරීමෙන් තොරව ඉන්දියාවට අපනයනය කරන බවට ඉන්දීය බලධාරීන් මෙරටට චෝදනා කළෙත් එය වැළැක්වීමට පියවර නොගතහොත් සප්තා ගිවිසුම යටතේ ලබා දී තිබෙන මෙම ප්‍රතිඅපනයන අවස්ථාව අහිමි කරන්නට සිදුවන බවට ඔවුන් මෙරටට දැනුම් දෙන්නට යෙදුණෙත් ඒ අනුවය.
ඒ පිළිබඳ සත්හඬ පුවත්පත ද මීට පෙර අනාවරණය කළ අතර අනතුරුව අමාත්‍ය මණ්ඩල ආර්ථික කළමනාකරණ කමිටු තීරණ අංක 13/017/2016/35 යටතේ මෙම ව්‍යාපාරය තාවකාලිකව නවතාලන්නට තීන්දු කෙරුණේ ඒ අනුවය.
එම තීරණයට අනුව නීති විරෝධී කරුංකා ආනයනය නතර කිරීම පමණක් නොව නීති විරෝධීව ආනයනය කරන ලද කරුංකා රාජසන්තක කිරීම, දඩ පැනවීම හෝ නිදහස් නොකිරීමට පියවර ගැනුණු අතර අදාළ ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට අවස්ථාව හිමිවන්නේ අගය එකතුකර ප්‍රතිඅපනයනය කිරීම සඳහා පමණය. එවකට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂවරයා වෙත නියෝග නිකුත් කිරීමත් සමඟ මෙම ජාවාරම වළැක්වුණු අතර කරුංකා ප්‍රතිඅපනයනය ද සීමාසහිත විය.
ඒ අනුව අදාළ සමාගම් මුදල් අමාත්‍යවරයාගේ අවධානයට යොමුකර ඇත්තේ අගය එකතුකර ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවස්ථාව ලබා දීම කෙරෙහිය.
මේ පිළිබඳ අප කළ සොයා බැලීමක දී මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර සිටියේ නෛතික ව්‍යාපාරයක් ජාවාරමක් බවට පත්කර ගැනීම හේතුවෙන් මෙම තාවකාලික තහනම පනවා ඇති බවත් ඒ හේතුවෙන් පැනනැගුණු රාජතාන්ත්‍රික විවේචන ද හේතුවෙන් අදාළ ඉල්ලීම සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමක් අමාත්‍යාංශය වෙතින් සිදු නොවනු ඇති බවත්ය. එසේම ව්‍යාපාරය නෛතික ආකාරයට සිදුකිරීම සම්බන්ධව ලැබෙන විශ්වසනීයත්වය තහවුරු කිරීමෙන් පසුව ඒ ගැන සලකා බැලීමට අමාත්‍යාංශය සූදානම් බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.
කාශ්‍යප කොතලාවල
COMMENTS