දෙමළ ජාතික සන්ධානය දේශපාලනමය වශයෙන් පාඩම් ඉගෙන ගෙන ඇත්නම් මේ අවස්ථාවේදී කිසිවෙකුටත් සහය නොදැක්විය යුතු බව ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායක ...
දෙමළ ජාතික සන්ධානය දේශපාලනමය වශයෙන් පාඩම් ඉගෙන ගෙන ඇත්නම් මේ අවස්ථාවේදී කිසිවෙකුටත් සහය නොදැක්විය යුතු බව ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් විපක්ෂනායකවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීම පිළිබදව යාපනයේ මාධ්‍යවේදීන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගෙන් අදහස් විමසූ විය ඔහු මේ බව කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානය එකල නියෝජනය කරමින් මන්ත්‍රී ධුරයට පත් වූ වන්නි දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා දැන් තමා සමහ සිටින බව කී ඊ.පී.ආර්.එල්.එෆ්.නායකයා තමන් ඔහු සමගද කතා කළ අවස්ථාවේදී ඔහුද කීස්වෙකුටත් සහය නොදීමට තීරණය කොට ඇති බව කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානය අතීතයේදී මේ සියළුම දේශපාලනඥයින් සමග කටයුතු කොට ඇති බව පවසන සුරේෂ් මහතා කියා සිටින්නේ ඔවුන් ඔවුන්ගේ දේශපාලන වාසිය තකා මෙතෙක් කළේ දෙමළ ජාතික සන්ධානය රැවටවීම බව උදාහරණ සහිතව විස්තර කරණ ලදී.
උතුරු නගෙනහිර වෙසෙන දෙමළ ජනතාව වෙණුවෙන් දෙමළ දේශපාලන පක්ෂ එදා සිට ඉල්ලා සිටින්නේ ප්‍රධාන කාරණා පහක් බව කී හෙතෙම ඒ එකම කරුණක් හෝ නිසි ලෙස ඉටුකිරීමට දකුණේ දේශපාලනඥයින් හෝ දේශපාලන පක්ෂ කටයුතු කොට නොමති බවද කියා සිටියේය.
උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතු කොට ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරෙන දේශපාලන විසදුමක් දෙමළ ජාතික සන්ධානය ඇතුළු සියළුම දෙමළ දේශපාලන පක්ෂ ඉල්ලා සිටියදී දේශපාලන නායකයින් සිදු කරන්නේ ඔවුන් බලයේ සිටීමට අවශ්‍ය පරිදි පාවා දී ගැනීමක් නම ඔවුන්ට සහය දෙන්නවුන් ජාතිද්‍රෝහීන් ගණයට වැටෙන බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ අදහසයි.
යුද සමයේදී අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නයට විසදුම් ලබාදීම,උතුරේ වැසියන්ගේ ඉඩම් ආපසු ලබා දීම හා දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යන ඉල්ලීම් වහාම ඉටු කරණ බවට පොරොන්දු වූ වත්මන් ජනාධිපතිවරයා ඔහුගේ පරම හතුරා සමග එකතු වී ඇති පරිසරයක් තුළ දෙමළ ජාතීන්ගේ ඉල්ලීම් ඉටු නොවන බව දෙමළ ජාතික සන්ධානය දැන සිටිය යුතු බවද ඊ.පී.ආර්.එල්.එෆ්.නායකයා කියා සිටියි.
පටු අරමුණු ඉටු කරගැනීම සදහා මෙසේ එකතුවන පිළිකුල් දේශපාලනඥයින් හමුවීමට යාම පවා ආත්ම ගරුත්වය බිද වැටීමට හේතුවක් බව ඔහු පෙන්වා දෙයි.
රටේ වත්මන් නායකයින් රටේ අභ්‍යන්තර දේශපාලන පක්ෂ වලට වූ පොරොන්දු කිසිවක් ඉටු කරණ තත්ත්වයක් දක්නට නොතිබියදී දෙමළ ජාතික සන්ධානය ඒ දේශපාලාන්ඥයින් සමග ගණුදෙණු කිරීමෙන් හා ඔවුන්ට සහය පලකිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැතැයිද ඔහු කියා සිටියි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකා රජයට යෝජනා වූ ත්‍රස්තවාදය වැලැක්වී මේ පනත අහෝසි කිරීම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම වැනි ජාත්‍යන්තර සම්මතයන් පවා නොසලකා හරින රාජ්‍ය නායකයින්ගෙන් දෙමළ ජාතික සන්ධානය ඉදිරියටත් රැවටීමක් හැර වෙනත් යමක් බලාපොරොත්තු විය නොහැකි බවද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
(දිනසේන රතුගමගේ)
COMMENTS