ඔහු සමග බෙල්ජියමට පළා ගිය බව සනාථ වී තිබෙන කැටලෝනියාවේ හිටපු අමාත්‍යවරුන් 4 දෙනෙකුට ද මේ සමගම වරෙන්තු නිකුත් කර තිබේ. ස්පාඤ්ඤ අධිකරණය ම...
ඔහු සමග බෙල්ජියමට පළා ගිය බව සනාථ වී තිබෙන කැටලෝනියාවේ හිටපු අමාත්‍යවරුන් 4 දෙනෙකුට ද මේ සමගම වරෙන්තු නිකුත් කර තිබේ.
ස්පාඤ්ඤ අධිකරණය මෙම වරෙන්තු නිකුත් කිරීමට හේතු වූ ආසන්නතම සිදුවීම වූයේ බ්‍රහස්පතින්දා දිනයේ මෙම පස්දෙනා විසින් අධිකරණය මගහැරීමයි. මැඩ්රිඩ් නුවර ඔවුන්ට එරෙහිව විභාග වූ මහාධිකරණ නඩු විභාගයක් එනම් අපරාධ නඩු විභාගයක් සඳහා නොපැමිණීම එයට හේතුව වී තිබේ.
මෙම නඩු විභාගයට ඉදිරිපත් වූ කැටලෝනියා ප්‍රාදේශීය ආණ්ඩුවේ නව දෙනෙක් අත්අඩංගුවට ගැනීම ද සිදුවිය. පසුව ඔවුන් අතරින් එක් අයෙක් යූරෝ 50000ක ඇපයක් මත මුදා හැර ඇත.
මෙම අපරාධ නඩුවේදී ඔවුන්ට එරෙහිව නැගුණු චෝදනා වූයේ කැරළි ගැසීම, රාජ්‍ය ද්‍රෝහිත්වය සහ කැටලෝනියානු නිදහස වෙනුවෙන් නීතිවිරෝධී ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් මහජන මුදල් අනිසි ලෙස භාවිතා කිරීමයි.
ස්පාඤ්ඤ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි, එනම් නීතිවිරෝධී ජනමත විචාරණයක් ඔක්තෝබර් 01වැනිදා පැවැත්වීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළේ මෙම කැටලෝනියානු නායකයන් විසිනි. අනතුරුව ස්පාඤ්ඤ මධ්‍යම ආණ්ඩුව විසින් අප්‍රමාදීව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 වැනි වගන්තිය අනුව මධ්‍යම රජය වෙත පැවරෙන බලතල ප්‍රකාරව කැටලෝනියානු පාලනය මධ්‍යම රජය වෙත පවරා ගැනීමට කටයුතු කරන ලදී. ලෝකයේ කිසිදු රාජ්‍යයක් හෝ අන්තර්ජාතික සංවිධානයක් විසින් වෙනම රාජ්‍යයක් වශයෙන් කැටලෝනියාව නීත්‍යානුකූලව පිළිනොගැනීම ද මෙහිදී කැපී පෙනුණි.
පියුගෙමොන්ට් සහ ඔහුගේ සහචරයන් හදිසියේම බෙල්ජිමය බලා ගියේ කැටලෝනියානු ජනරජය යනුවෙන් ඔවුන් හඳුන්වන වෙනම රාජ්‍යයේ රාජ්‍යත්වය පිළිගන්නා ලෙසට යුරෝපා සංගමයේ නියෝජිත සංවිධානවලට බල කිරීමට බව ද විශ්වාස කෙරේ.
කැටලෝනියානු මහමැතිවරණය දෙසැම්බර් 21 වැනිදාට පවත්වන බව ද ස්පාඤ්ඤ මධ්‍යම රජය විසින් මේ අතර ප්‍රකාශයට පත් කෙරිණි.
මේ අතර පසුගිය සිකුරාදා දිනයේ බෙල්ජියම් රූපවාහිනිය ඔස්සේ පෙනී සිටි කාල්ස් පියුගෙමොන්ට් කියා සිටියේ තමන් ද මෙම හදිසි මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බවයි. කෙසේ නමුත් මෙම වරෙන්තුව සමග ඔහු නැවත සිය රට බලා පැමිණිය වහාම අත්ඩංගුවට ගැනීම නියත වශයෙන්ම සිදුවනු ඇත. තවද ස්පාඤ්ඤය විසින් නිකුත් කර තිබෙන්නේ අන්තර්ජාතික වරෙන්තුවක් නිසා ඔහුට ලෝකයේ කිසිදු රටක ප්‍රසිද්ධියේ ජීවත් වීම හෝ ප්‍රසිද්ධියේ පෙනී සිටීම කළ නොහැකි වනු ඇත.
- අමාලි ජයවීර
COMMENTS