දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"රජයේ නිලධාරීන් හැටියට තමන්ගේ වගකීම හරියට ඉටු කළේ නැත්නම් ඒකේ චෝදනාවට මුහුණ දෙන්න වෙන්නේ අපිට" - තලතා
Homeප්‍රවෘත්ති

"රජයේ නිලධාරීන් හැටියට තමන්ගේ වගකීම හරියට ඉටු කළේ නැත්නම් ඒකේ චෝදනාවට මුහුණ දෙන්න වෙන්නේ අපිට" - තලතා

PropellerAds

රජයේ නිලධාරීන් හැටියට තමන්ගේ වගකීම හරියට ඉටු කළේ නැත්නම් ඒකේ චෝදනාවට මුහුණ දෙන්න වෙන්නේ තමන්ට බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය...

බදියුදීන්ට ඇමතිකම දීම ගැන රතන හිමි කතා කරයි
නිවාඩුව අවසන්.. ඉල්ලා අස් වූ බදියුදීන් ඇතුළු මුස්ලිම් අමාත්‍යවරු යළි ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
isis group

රජයේ නිලධාරීන් හැටියට තමන්ගේ වගකීම හරියට ඉටු කළේ නැත්නම් ඒකේ චෝදනාවට මුහුණ දෙන්න වෙන්නේ තමන්ට බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි .

ඒ ඇඹිලිපිටිය ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

“සිරගත වන අය පුනරුත්ථාපනය කිරීමට මුදල් අමාත්‍යතුමා විශාල මුදලක් අපිට ලබාදීලා තියෙනවා මේ හැම එකක්ම කරන්නේ රටේ ජනතාව වෙනුවෙන්.මෙතුමාට කිසිම අවශ්‍යතාවයක් නැහැ ඉස්සර මුදල් ඇමතිවරු කළා වගේ අවබෝධයක් නැතිව නිකං තීන්දු තීරණ ගන්න .මුදල් ඇමතිතුමනි මම කණගාටු වෙන එක කාරණයක් තියෙනවා මම ඒක කියනවා මේ අවස්ථාවේ.ඒක ඔබතුමාට නොකියාම බැහැ.අදාළ ඇමතිවරු විතරක් නෙමෙයි ගරු ජනාධිපතිතුමාවත් දැනුවත් කරනවා.මේ ගබඩාව ඉදි වෙන්නේ ගොවි ජනතාවට.මේක නිලධාරීන් ඇවිල්ලා වැඩ කරන්නවත් එහෙම නැත්නම් දේශපාලන අධිකාරිය මේකේ අයිති කරගන්නවත් නොවෙයි.මේක හෙට දවසේ ඉදලාම ගොවි ජනතාවට අයිති දේපළක් බවට පත් වෙනවා.මේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටියේ මහවැලි ප්‍රදේශයේ ගොවි සමිති 350 ක් විතර තියෙන්නේ මහවැලි අධිකාරිය යටතේයි.සමිති 90 ක් විතර තමයි ගොවි ජන සේවා කොමසාරිස් යටතේ තියෙන්නේ .මේ පිළිබදව දැනුවත් වීමත් ගොවි ජනතාවට අවශ්‍යයි.මෙතන ගෙනල්ලා සෙනග පෙන්නන්න පුටු ටික පුරවන්න නෙවෙයි.මේ පණිවිඩය හරියට ගොවි ජනතාවට යන්න ඕන.ඒ කාර්යයයේදී ඒ ගැන කටයුතු කරන්න සමහර ආයතන අපොහොසත් වෙලා තියෙනවා.”

“මහවැලි බල ප්‍රදේශය නියෝජනය කරන ගොවි ජනතාව මෙතන ඉන්නවා ද කියලා මට සැකයක් තියෙනවා.මේවා අපි හොයලා බලලා කටයුතු කළේ නැත්නම් අපි මේක අයිති කර ගෙන ඉන්න හදන උදවිය නෙවෙයි.අපේ වගකීමක් තියෙනවා දේශපාලඥයින් ලෙස මහජන නියෝජිතයින් ලෙස හරි දේ වෙනවාද කියා බලන්න .මට නම් මොනම හේතුවකටවත් රජයේ නිලධාරීන් පාලනය කරන්න අවශ්‍ය නැහැ .හැබැයි මේ විදිහට අපේ වැඩේ වුණේ නැත්නම්  අපේ ඇමතිතුමා හිතන දේ අවශ්‍ය දේ වුණේ නැත්නම් දිස්ත්‍රික් ලේකම්තුමිය දන්නවා මම ගොවිජන සේවා කොමසාරිස් තුමියට කථා කළා .මම කිවුවේ මෙතනට ගොවි ජනතාව සම්බන්ධ කරන්න කියලා .දැනුවත් කිරීම අවශ්‍යයි.අපි බෝඩ් ගහන ආණ්ඩුවක් නෙවෙයි.පෝස්ටර් ගහන ආණ්ඩුවක් නෙවෙයි.සමහර වෙලාවට මෙතන කරන දේ උඩවලවේ මිනිස්සු දන්නේ නැහැ වෙන්න පුළුවන්.මෙහෙම තැනක් මෙතන තියෙනවා කියලා හම්බන්තොට අය මෙතන අපේ දිස්ත්‍රික් ලේකම්තුමා ඉන්නවා එතුමා දැනුවත් කළොත් දැන ගනියි.මේ වයේදී මේ තියෙන තත්වය රජයේ නිලධාරීන් හැටියට තමන්ගේ වගකීම හරියට ඉටු කළේ නැත්නම් අපි හිතනවා ඒකේ චෝදනාවට මුහුණ දෙන්න වෙන්නේ අපිටමයි කියලා කල්පනා කරනවා.මම ඒ ගැන කණගාටු වෙනවා.”

“මමත් මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්තුමාත් දැනටමත් දින දා ගෙන තියෙනවා.ඉතා ඉක්මනින් මේ ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දි ඇති ගැටළු විසදන්න අවශ්‍ය පියවර ගන්න.සමහර වෙලාවට මේ ආයතන දෙකේ තිබෙන ප්‍රශ්න නිසා කලට වෙලාවට ජලය ලැබෙන්නේ නැහැ .සමහර වෙලාවට ඇළ වේලි සුද්ධ වෙන්නේ නැහැ.මේ ඔක්කොම අපිට මුහුණ දෙන්න තියෙන ගැටලු.මේවා හොයන්න අපි කටයුතු කළේ නැත්නම් හොයන්න කෙනෙක් නැහැ ඒ නිසා තමයි මම මේක මතක් කළේ.මේ අද විවෘත වන ගබඩාවට රුපියල් මිලියන 238 ක් වැය කරලා තියෙනවා.මේකේ උපරිම ලාභ ප්‍රයෝජන අහිංසක ජනතාවට ගොවියන්ට යන්ඩ ඕන.ඒ අය ආපසු සියදිවි නසා ගන්න තත්වයකට මිල පාලනය කරන එක මිළ ලබා දෙන එක රජයේ වගකීමක්. මේ තරම් පහසුකම් ලබා නොදුන්නොත් මේ ප්‍රදේශයේ  ගොවි ජනතාවට ලබා දෙන්න තියෙන උපරිම සහයෝගය ලැබෙන්නේ නැතිව යනවා.”යැයි ද අමාත්‍යවරිය සදහන් කළාය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "රජයේ නිලධාරීන් හැටියට තමන්ගේ වගකීම හරියට ඉටු කළේ නැත්නම් ඒකේ චෝදනාවට මුහුණ දෙන්න වෙන්නේ අපිට" - තලතා
"රජයේ නිලධාරීන් හැටියට තමන්ගේ වගකීම හරියට ඉටු කළේ නැත්නම් ඒකේ චෝදනාවට මුහුණ දෙන්න වෙන්නේ අපිට" - තලතා
http://am.lk/media/k2/items/cache/395a0310ae51d3c368dfb371214d655e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_967.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_967.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy