පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු මීට සුළු වේලාවකට පෙර ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍ර...
ඒ අනුව රවුෆ් හකීම් නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්, රිෂාඞ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස සිය කැබිනට් ඇමතිධුරයන් හි දිවුරුම් දෙනු ලැබුවා.
අමීර් අලි සෙයිඞ් මොහොමඞ්සි හාබ්දන් කෘෂිකර්ම, වාර්මාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේද අබ්දුල්ලා මහරුෆ් වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබුවා.
මේ අතර බුද්ධික පතිරණ කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
තුන් දෙනෙක් අමාත්‍ය ධූර භාර ගැනීම ප්‍රතික්ෂේප කරයි
මුස්ලිම් කොංග‍්‍රසයේ මහජන නියෝජිතයන් තුන් දෙනෙකු අමාත්‍ය ධුර භාර ගැනීම ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා.
ඒ, කල්මුණේ උතුර උප ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ප‍්‍රධාන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්.
මුස්ලිම් මහජන නියෝජිතයින් අමාත්‍ය ධුරවල දිවුරුම්දීමෙන් පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆයිසාල් කාසීම් ඒ පිළිබද අදහස් පළ කළා. එහිදී "රිෂාඩ් ඇමතිතුමාගේ පක්ෂයේ ඔක්කොම ගත්තා. මුස්ලිම් කොංග්‍රසයේ අපේ නායකතුමා විතරයි දිවුරුම් දුන්නේ. අපේ දිවුරුම්දීමට තවත් කල් ගතවෙයි. " යනුවෙන් සඳහන් කළා.
COMMENTS