ඉන්දු - ශ්‍රි ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි පමාවක් දක්නට ලැබීම තම කණස්සල්ලට හා කණගාටුවට හේතු වී ඇති බව ඉ...
ඉන්දු - ශ්‍රි ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි පමාවක් දක්නට ලැබීම තම කණස්සල්ලට හා කණගාටුවට හේතු වී ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ප්‍රකාශ කර තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ 2017 වසරේ ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුකූලව සකස් කර ඇති එම ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කළ බවයි.
මේ අතර තෙදින ඉන්දීය නිල සංචාරය අවසන් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස යළි දිවයිනට පැමිනියේය.
ඉන්දීය සංචාරය තුළ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදි හමු විය.
රාජ්‍ය තාන්ත්‍රික කාර්යයන් සම්බන්ධව තමා වැඩිම කාලයක් වැය කර ඇත්තේ ශ්‍රි ලංකාව වෙනුවෙන් බව පෙන්වා දී ඇති ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එසේ තිබියදීත් ඉන්දියාව විසින් සිදුකරන සත්කාරයන් සඳහා ශ්‍රි ලංකා රජයෙන් ලැබෙන ප්‍රතිචාර පිළිබඳ තමා කණගාටු වන බව සඳහන් කර තිබේ.
2017 වසරේ ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුකූලව සකස් කර ඇති එම ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉල්ලා ඇත.
තමා පිළිබදව හෝ ඉන්දීය රජය පිළිබඳව කිසියම් සැකයක් හෝ ගැටලුවක් ඇත්නම් නොපැකිලිව සාකච්ඡා කරන ලෙසද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කර තිබේ.
මෙහිදි අදහස් දක්වමින් ශ්‍රි ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර ඇත්තේ මෝදී මහතා හෝ ඉන්දිය රජය පිළිබඳව කිසිදු සැකයක් හෝ ගැටලුවක් තමා තුල සහ ශ්‍රි ලාංකිකයින් තුළ නොමැති බවයි.
එවැනි වැරදි වැටහීමක් ඇති වීමට කිසියම් හේතුවක් මුල්වුයේ නම් ඒ පිළිබඳව කණගාටුව පල කරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ඉන්දීය රජය විසින් ශ්‍රි ලංකාව වෙත ලබාදෙන සහයෝගය පිළිබඳව කෘතඥතාව පල කර ඇති වික්‍රමසිංහ මහතා ව්‍යාපෘති පමාවීම සම්බන්ධයෙන් තමාගේ දැඩි සැලකිල්ල යොමුව ඇති අතර ව්‍යාපෘති කඩිනම් කරලීම පිළිබඳ සුදුසු පියවර ගැනීමට අපේක්ෂා කරන බව සදහන් කර තිබේ.
එම සාකච්ඡාවෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය සහ ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා සමඟ සාකච්ඡා පවත්වා ඇත.
COMMENTS