එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීම මත මාලි රාජ්‍යයේ ශ්‍රී ලංකා සාමසාදක භට කාණ්ඩයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කලන අමුණුපුර මහතා යලි දිවයිනට...
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීම මත මාලි රාජ්‍යයේ ශ්‍රී ලංකා සාමසාදක භට කාණ්ඩයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කලන අමුණුපුර මහතා යලි දිවයිනට කැඳවා ඇති බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි.
මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් ඉටු කිරීම සඳහා එක්වු ශ්‍රී ලංකා හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරීවරයා වන ලුතිතන් කර්නල් කලන අමුණුපුර මහතා නැවත සිය රටට ගෙන්වා ගන්නා ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබුණේය.
ඒ එම නිලධාරියා සම්බන්ධයෙන් මතුව ඇතැයි කියන මානව හිමිකම් චෝදනා පිළිබදව වාර්තාවීමත් සමඟ එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් මෙම ඉල්ලීම කර තිබුනි.
COMMENTS