සුමන්තිරන් මන්ත්‍රීවරයා හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අතර ඇතිව තිබෙන දේශපාලන මත ගැටුම උග්‍ර වීමත් සමගම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරය...
සුමන්තිරන් මන්ත්‍රීවරයා හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අතර ඇතිව තිබෙන දේශපාලන මත ගැටුම උග්‍ර වීමත් සමගම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා දෙමළ ජාතික සන්ධානය හරහා ඊළගට ප්‍රධාන අමාත්‍ය ධූරයට තරග කිරීමට තබාගෙන සිටින විශ්වාසය අතහැර දමන තත්ත්වයක් උද්ගත වී තිබේ.
යාපනයේ පැවති උත්සවයකට ප්‍රධාන අමාත්‍යවරයා 15 දා සහභාගී වූ අවස්ථාවේදී උතුරු පළාත් සභාවේ පුනරුත්ථාපන කටයුතු හා කාන්තා කටයුතු පිළිබද ඇමතිනී ආනන්දි සෂිහරන්ට පවසා ඇත්තේ ''තවත් මේ වගේ අය ගැන විශ්වාසයක් තබාගෙන සිටීමෙන් වැඩක් නැති බවයි.''
වෙනම දේශපාලන පක්ෂයක් පිහිටුවා ඒ ඔස්සේ තරග කිරීම හොදම විකල්පය බව මෙහිදී පවසා ඇති විග්නේස්වරන් මහතා තමන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සභාව ඒ සදහා ඉතාම සුදුසු දේශපාලන ව්‍යුහය බවද ආනන්දි සෂිහරන් අමාත්‍යවරියට පවසා තිබේ.
තමන් පක්ෂයක් ලියාපදිංචි කොට දේශපාලනයේ වෙනම මගක ගමන් කිරීමට අදහස් කරණ බැවින් ඒ සමග එක්වන ලෙස ප්‍රධාන අමාත්‍යවරයා මේ හමුවේදී ආනන්දි සෂිහරන් අමාත්‍යවරිය ගෙන් ඉල්ලා තිබේ.
නමුත් එම ඉල්ලීම ප්රතික්ෂේප කොට ඇති ආනන්දි අමාත්‍ය වරිය පවසා ඇත්තේ තමන්ද ඉදිරි කාලයේදී නව දේශපාලන ප්‍රව ණතාවයකට අවතීර්ණ වන බවයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS