කොළඹ, ගම්පහ, කුරුණෑගල, දඹුල්ල, හබරණ සිට ත‍්‍රිකුණාමලයටත්, ඒ දෙපසින් පොළොන්නරුව අනුරාධපුරය දක්වා තීරය ද ඇතුලත් කරමින් රටේ ප‍්‍රධාන ආර්ථික ක...
කොළඹ, ගම්පහ, කුරුණෑගල, දඹුල්ල, හබරණ සිට ත‍්‍රිකුණාමලයටත්, ඒ දෙපසින් පොළොන්නරුව අනුරාධපුරය දක්වා තීරය ද ඇතුලත් කරමින් රටේ ප‍්‍රධාන ආර්ථික කොරිඩෝව බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව 2030 පමණ වන විට ජනතාව පදිංචිය සඳහා තෝරාගත යුත්තේ කොළඹ සිට ත‍්‍රිකුණාමලය දක්වා ඇති මෙම තීරුවයි. ඒ සඳහා විධිමත් සැළැස්මක් මහා නගර හා බස්නාහිර සංවර්ධනය අමාත්‍යාංශයේ නාගරික සංවර්ධන අධිකාරිය පිළියෙළ කොට ඇත.
කොළඹ, ගම්පහ, කුරුණෑගල සේම ත‍්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව ඒකාබද්ධ කරන මෙම ත‍්‍රිකෝණය තවදුරටත් සංස්කෘතික ත‍්‍රිකෝණයක් නොව නැගෙනහිර ආසියානු රටවල් දෙසට ඉලක්ක වන බලගතු ආර්ථික ත‍්‍රිකෝණයක් බවට පරිවර්තනය කිරීමට මේ වන විටත් කටයුතු සැළසුම් කරමින් සිටින බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
COMMENTS