ඉන්දුනීසියාවේ අඩු වියදම් ගුවන් සේවයක් වන Lion Air ගුවන් සමාගමට අයත් Boeing 737 වර්ගයේ මගී ගුවන් යානයක් ජකර්තා නුවරින් ගුවන් ගත කිරීමෙන් පස...
ඉන්දුනීසියාවේ අඩු වියදම් ගුවන් සේවයක් වන Lion Air ගුවන් සමාගමට අයත් Boeing 737 වර්ගයේ මගී ගුවන් යානයක් ජකර්තා නුවරින් ගුවන් ගත කිරීමෙන් පසුව, අනතුරට ලක් වී තිබේ. එම ගුවන් යානයේ පුද්ගලයින් 188 දෙනෙකු සිටි බව ඉන්දුනීසියානු බලධාරීහු පවසති.
එම යානය බංකා බෙලිටුං (Bangka Belitung) දූපත්හි ප්‍රධාන නගරය වන පංකල් පිනෑං (Pangkal Pinang) දක්වා පියාසර කිරීමට නියමිතව තිබිණි.

යානය ගුවන් ගත කිරීමේන් පසු සුළු වේලාවකින් ගුවන් තොටුපොළ සමග පැවති සම්බන්ධතා බිඳ වැටී ඇති අතර එය අවසන් වරට ගුවන් තොටුපොළ සමග සන්නිවේදනය කරන විට පියසාර කරමින් තිබී ඇත්තේ, මුහුදට ඉහළිනි. ගුවන් අනතුරින් කිසිවෙකුගේ දිවි බේරී ඇද්දැයි මෙතෙක් තහවුරු වී නොමැත.





COMMENTS