රෝගී ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුර පුරප්පාඩු වී දින 15ක් ගතවී තිබුණත් මෙතෙක් සභාපතිවරයෙක...
රෝගී ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුර පුරප්පාඩු වී දින 15ක් ගතවී තිබුණත් මෙතෙක් සභාපතිවරයෙකු පත් කර නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එසේ තිබියදී සමහර රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් සෞඛ්‍ය විනාශ කර දැමීමට කටයුතු කරන පිරිස් වල අවශ්‍යතා ඉටු කරන්නකු බවට පත් වෙමින් තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
පවතින සයිටම් ආයතනය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කළ මෙම එන්.ජී.ඕ නඩය පසුව වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය විනාශ කිරීමට අවශ්‍ය කටයුතු කළ බවත් ඒ වන විට මෙම පිරිස වෛද්‍ය සභා විසුරුවා හැරීමට කුමන්ත්‍රණයක් කරමින් සිටින බවත් ඔහු පවසා සිටියේය.
පසුගිය 16 වැනිදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ සෞඛ්‍ය සේවාව තුළ ගැටලු රාශියක් නිර්මාණය වී තිබුණ ද එම ගැටළු නිරාකරණය කිරීමට සෞඛ්‍ය ඇමතිවරයා කටයුතු නොකරන බවයි.
COMMENTS