මහනුවර තෙවැනි කුඹල් පෙරහැර අද (18) රාත්‍රී 7.41ට ශ්‍රී දළදා වීදිය, ඩි.එස්.සේනානායක වීදිය ඔස්සේ රජ වීදියට අවතීර්ණ වී ඉදිරියට ගමන් කර ශ්‍රී ...
මහනුවර තෙවැනි කුඹල් පෙරහැර අද (18) රාත්‍රී 7.41ට ශ්‍රී දළදා වීදිය, ඩි.එස්.සේනානායක වීදිය ඔස්සේ රජ වීදියට අවතීර්ණ වී ඉදිරියට ගමන් කර ශ්‍රී දළදා මාළිගාවට ගෙවැදීමට නියමිතය.
මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැරේ මෙවර පළමු කුඹල් පෙරහැර පෙරේදා (16) සවස 6.12 ට යෙදුන සුභ මොහොතින් වීදි සංචාරය කිරීම ආරම්භ කරනු ලැබීය.
අලි ඇතුන් විශාල ප්‍රමාණයකගේ සහ නර්ථන කණ්ඩායම් රැසකගේ සහභාගීත්වයෙන් මෙවර ඇසළ පෙරහැර පැවැත්වෙයි.
මහනුවර නගරය ඇතුළු ප්‍රදේශයේ ඊයේ උදේ වරුවේ සිට පැවැති වැසි සහිත කාලගුණ තත්වයද නොසලකා මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ පළමු කුඹල් පෙරහැර නැරඹීම සඳහා ලක්ෂ ගණනක බැතිමතුන් පිරිසක් මහනුවර නගරයෙට එක් රොක් ව සිටියේය.
COMMENTS