දශක පහකට ආසන්න කාලයක් චිත්‍රකතාකරුවෙක් ලෙස අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි ප්‍රවීණ චිත්‍ර ශිල්පී බලංගොඩ සරත් මධු මහතා ඊයේ (17) අභවප්‍රාප්ත ව...
දශක පහකට ආසන්න කාලයක් චිත්‍රකතාකරුවෙක් ලෙස අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි ප්‍රවීණ චිත්‍ර ශිල්පී බලංගොඩ සරත් මධු මහතා ඊයේ (17) අභවප්‍රාප්ත විය.
මිය යන විට 69 වන වියේ පසුවු ඒ මහතා දෙදරු පියෙකි.දොරවල මද්දලාගේ සරත් බැද්දගේ නමින් බලංගොඩදී උපත ලබා ඇති ඔහු චිත්‍රකතා ක්ෂේත්‍රයට පිවිසීමත් සමඟ බලංගොඩ සරත් මධු යන නාමය භාවිතා කර තිබේ.
දේහය මහරගම ,පරණ පාර, නාවින්න ,නාමල් උයන 154/8 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන සදුදා (20) පස්වරු 3.00ට නුගේගොඩ උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
බලංගොඩ බුද්ධ ජයන්ති මහ විදුහල සහ බලංගොඩ මහා විද්‍යාලය යන පාසල් වල ආදී ශිෂ්‍යයකු වූ ඒ මහතා උසස් පෙළ පන්තියේ ඉගෙනීම ලබන කාලයේදීම ටයිම්ස් පුවත්පත් අයතනය ප්‍රකාශයට පක් කළ පැරණි ලංකාදීප පුවත්පතේ මාධ්‍යෙව්දී ධර්ම ශ්‍රි කල්දේරා රචනා කළ ‘‘රාජ උදහස‘‘ චිත්‍රකතාවට චිත්‍ර ඇඳීමෙන් එම ක්ෂේත්‍රයට අවතීර්ණ වී ඇත.
පසුව වෘත්තීයෙන් විද්‍යා ගුරුවරයෙකු වූ සරත් මධු මහතා එම වෘත්තීයේ සිටියදීම සතුට චිත්‍රකතා පුවත් පතට සම්බන්ධ වී තිබේ.
ගුරු වෘත්තීයෙන් සමු ගැනීමෙන් පසු පුර්ණකාලීනව චිත්‍රකතා ශිල්පියකු වූ සරත් මධු මහතා ඉන්පසු සිත්තර , සත්සිරි , හිතවත ,සදා වාසනා යන චිත්‍රකතා පුවත්පත්වල සේවය කර ඇත.
ඔහුගේ ජනප්‍රියතම චිත්‍රකතාව ලෙස ‘‘ඉතිං ඊට පස්සේ‘‘ 70 දශකයේදී ජනප්‍රියවූ අතර එහි කොටස් 105කින් පසු හෙතෙම සිත්තර පුවත් පතින් ඉවත්වූ පසුදා එම කතාව වෙනත් ශිල්පීන් සිතුවමට නගා තිබිමෙන් එහි ජනප්‍රියත්වය පැහැදිලිවේ.
එම චිත්‍රකතාවේ ජනප්‍රිය භාවය හේතුවෙන් වික්ටර් රත්නායකයන් එම කතාවේ පෙම්වතුන් දෙපල වන කැලුම් සහ දේදුනු අලලා ඉතිං ඊට පස්සේ නමින් ගීතයක්ද නිර්මාණය කර ඇත.
COMMENTS