වකුගඩු රෝග නිවාරණයට රජය ගෙන යන පුළුල් වැඩපිළිවෙළ යටතේ මෙරට වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව වාර්ෂිකව සැලකිය යුතු මට්ටමකින් අඩුවෙමින් පවතින බව ජනාධ...
වකුගඩු රෝග නිවාරණයට රජය ගෙන යන පුළුල් වැඩපිළිවෙළ යටතේ මෙරට වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව වාර්ෂිකව සැලකිය යුතු මට්ටමකින් අඩුවෙමින් පවතින බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
මෙම රෝගයට ගොදුරුවන්නේ රටේ අහිංසක පොදු ජනතාව බව පැවසූ ජනාධිපතිවරයා රෝගය නිවාරණයට, මර්දනයට සහ වැළැක්වීමට මෙන්ම වකුගඩු රෝගින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය සඳහා ද රජය ඉකුත් වසර තුන හමාර තුළ පුළුල් වැඩ කොටසක් ඉටු කළ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රුපියල් මිලියන 800ක වියදමින් ස්ථාපිත කරන ලද ප‍්‍රති ආශ‍්‍රැතිකරණ ජල පද්ධති 500හි පිරිසිදු පානීය ජලය අති උතුම් ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කිරීමේ පුණ්‍යොත්සවයට සහ 500 වැනි ප‍්‍රති ආශ‍්‍රැතිකරණ ජල පද්ධතිය ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (21) පෙරවරුවේ එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ 2016 වසරේ අලුතින් එක් වූ වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව 3372 ක් වූ අතර එය 2017 වසරේ 2478 ක් බවට පත්ව ඇති බවත්, 2018 වසරේ මේ වන විට වාර්ෂිකව එක් වන එම රෝගින්ගේ සංඛ්‍යාව 1500 ක පමණ අවම මට්ටමකට පැමිණ ඇති බවත්ය.
තමා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේ දී මැතිවරණ ව්‍යාපාරයේ කටවුට් සහ පෝස්ටර් සඳහා ලැබුණු මුදල් තැන්පත් කර ඇරඹූ වකුගඩු අරමුදල අද පිළිගත් ශක්තිමත් ජාතික අරමුදලක් බවට පත්ව ඇති බව මෙහි දී සඳහන් කළ ජනාධිපතිවරයා ඒ යටතේ වකුගඩු රෝගින් වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටුකරමින් සිටින බවත් ඒ සමඟ අත්වැල් බැඳගෙන සිටින රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ, ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ මෙන්ම ජාත්‍යන්තරයේ ද සියලුදෙනා වෙත තම සිය ස්තූතිය පුද කරන බව ද සඳහන් කළේය.
එමෙන්ම රටේ අහිංසක ජනතාව මුහුණ දී ඇති මෙම ඛේදවාචකයෙන් ඔවුන් සම්පූර්ණයෙන් නිදහස් කර ගැනීම සඳහා එම සියලුදෙනාගේ සහය ඉදිරියට ද අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
වකුගඩු රෝගී අවදානම් ප‍්‍රදේශවල මහජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජලය සම්පාදනය කිරීම සඳහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ මුල්‍ය ප‍්‍රතිපාදන මගින් ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ශ‍්‍රම දායකත්වය යටතේ මේ වන විට ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධති 500 ක් ස්ථාපිත කොට ඇත.
අදාළ ජල පද්ධති සඳහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය මගින් රුපියල් මිලියන 800 ක මුදලක් ආයෝජනය කර ඇති අතර, මෙමගින් නිදන්ගත වකුගඩු රෝගය ව්‍යාප්තව ඇති පළාත්වල මහජනතාව වෙත දිනකට සුපිරිසිදු පානීය ජලය ලීටර් මිලියන 50 ක් නොමිලේ ලබා දෙනු ලැබේ.
මේ යටතේ ස්ථාපිත කරන ලද 500 වැනි ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධතිය අනුරාධපුර දිස්ත්‍රීක්කයේ මිහින්තලාව, කුරුදන්කුලම මිහිඳු ආරණ්‍ය සේනාසනයේ ස්ථාපිත කර ඇති අතර එම ජල පද්ධතිය අද දින දුරස්ථ සංනිවේදන තාක්ෂණය ඔස්සේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පවරා දෙනු ලැබීය.
COMMENTS