තෙලවල රාහුල විද්‍යාලයේ ගුරුවරියක එම විදුහලේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි සිසුවකුට කොස්‌සකින් පහරදීම හේතුවෙන් දරුවා පසුගිය 03 වන...
තෙලවල රාහුල විද්‍යාලයේ ගුරුවරියක එම විදුහලේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි සිසුවකුට කොස්‌සකින් පහරදීම හේතුවෙන් දරුවා පසුගිය 03 වනදා කළුබෝවිල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම සිසුවාගේ හිස ප්‍රදේශයට සහ පිටුපස ප්‍රදේශයට කොසු පහර වැදී ඇතැයි එම රෝහල් ප්‍රකාශකයෙක් ප්‍රකාශ කර සිටියේ.
සිද්ධිය සිදුවී ඇති දින පස්‌වරු 1.00ට පමණ අදාළ ගුරුවරිය පහරදී ඇති අතර පසුව මෙම සිසුවා පාසල නිමවා නිවසට ගොස් සිටි අවස්‌ථාවේ ඔහු සවස 3.00 ට පමණ වමනය දමා තිබෙනවා.
පසුව ඔහු සිය මවට ගුරුවරිය පහරදුන් බව පවසා තිබෙන අතර අනතුරුව එම මව සිසුවාව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව එම මව සිය දරුවාට ගුරුවරිය පහරදීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා.
රෝහල් හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන සිසුවාගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර මෙම සිසුවාට පහරදුන් බව කියන ගුරුවරිය අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ සිදුකරන බව ද මොරටුව මූලස්‌ථාන පොලිසිය සඳහන් කර සිටිනවා.

COMMENTS